කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තවත් වටයකින් වර්ධනයවීමක් ඊයේ ගනුදෙනු අවසානයේ දී සටහන් විය. සියලු කොටස් මිල දර්ශකය 16,215.93 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 63.58 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,923.62 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.50 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට මධ්‍යහ්නය තෙක් ප්‍රගතියක් වාර්තා කරන ලද අතර පසුව කෙටි උච්චාවචන කිහිපයක් නිර්මාණය විය. කෙසේ වෙතත් පස්වරු 2.30 ට ගනුදෙනු නතරකරන විට ස්ථාවර තැනකට පැවැතිණි.
දිනයේ පිරිවැටුමට රු. බිලියන 5.00ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව වර්ධනයකි. දිනය අවසානයේ දී ගනුදෙනු 27,531 ක් සිදුවී තිබේ. පිරිවැටුම ඉහළ නමුත් පෙරේදා ගනුදෙනු ප්‍රමාණයට වඩා ගනුදෙනු ගණන සීමා සහිතතය. නුදුරු අවස්ථාවක ලා භසඳහා වෙළෙඳපෙළ හැසිරෙන බවට පවතින අවදානම මෙහි ලා බලපා ඇති බව පෙනේ. සමාගම 162 ක කොටස් මිල මිල ඉහළ ගියේය. සමාගම් 73 ක කොටස් මිල පහත වැටිණි.
නේෂන් ලංකා, ප්‍රින්ට් කෙයාර්, හසුගස්තැන්න වැවිලි සමාගම, අබාන්ස් ෆයිනෑස්ස්, උඩපුස්සැල්ලාව වැවිලි සමාගම, පෑන්ඒසියන් පවර්, රේණුකා හෝල්ඩිං, මහවැලි හා යෝක් ආකේඩ් යන යන සමාගම්වල කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් ලැයිස්තුවේ ඉහළින් ම විය. රජය මත්පැන් සඳහා බදු නංවන ලද නමුත් එහිලා බලපෑම කොටස් හිමියන් සලකා බලා නැති බව පෙනේ. මල්වත්තවැලි වැවිලි, සණස ඩිවෙලොප්මන්, සෙංකඩගල ෆයිනෑන්ස්, සිංහ හොස්පිටල්, යුනියන් බැංකුව, ඇල්ෆා ෆයර් සහ එච්.ඩී.එෆ්.සී. වැඩිම ප්‍රතිශතයකින් මිල ගණන් පහත වැටුණ සමාගම් අතර විය.
ඒ.සී.එල්. කොටස් ගනුදෙනු වාර 549 කින් රු. මිලියන 306 ක පිරිවැටුමට දායකත්වයක් ලැබුණි. ලංකා අයි.ඕ.සී. රු. මිලියන 277 ක, ජොන් කීල්ස් රු. මිලියන 232 එච්.එන්.බී. රු. මිලියන 204 ක දායකත්වයක් දක්වා තිබේ.
ලාංකා දුම්කොළ සමාගමේ කොටසක මිල රු. 1,400.00 කි. මෙදින ගනුදෙනු 67 ක පමණක් වාර්තා වී තිබේ. සමාගම්ලාභ බදු ගෙවීමට පසු රැ. බිලියන 7.7 ක් තෙක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මාස තුනක කාලයේ දී ඉහළ ගොස් තිබේ. ඉකුත් කාර්තුවට වඩා අඩු නමුත් රජය වැඩිකරන ලද සුම්කොළ බදු ස්ථාවරය මත පවා සමාගම සිය කටයුතු කරගෙන යන බවට විශ්වාසයක් පවතින බව පෙනේ. මෙරට සෑම සමාගමකම පාහේ ව්‍යාපාර කටයුතුවල පුනරුදයක් දක්වන අතර සමාගම්වල ලාභාංශ ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂාව වී ඇත.
විදේශ ක්‍රියාකාරීත්වය ද අඩු ස්වභාවයක් ගත් නමුත් කලින් දිනයට සාපේක්ෂව යහපත්ය. ගනුදෙනු 448 ක් විදේශ අංශය නියෝජනය කර ඇත. රු. මිලියන 8.18 ක කොටස් මිල දී ගෙන තිබේ. කලින් දිනයේ දී එය රු. මිලියන 7.68 ක් විය. විදේශ මුදල් කොටස් හුවමාරුව ඔස්සේ රටට ඇදී එන තැනට පියවර ගතහොත් ආර්ථකයට වාසිදායක වේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටස් වෙෙළඳාම තවත් තියුණු වර්ධනයකට