IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොටස් වෙ​ෙළඳාම තාවකාලික විරාමයක

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ සිදු නොවේ. මහ ශිව රාත්‍රී දිනය හේතු කොටගෙන නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඉකුත් දින කිහිපය තුළ එපමණ උණුසුමකින් තොරව පැවැති ගනුදෙනු ඊයේ (පෙබ. 25) අවසන් කරන පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 16345ක් දක්වා පහළ ගියේය. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4897 ක් වශයෙන් අවසන් විය.

ජාත්‍යන්තර තත්වය සලකන පසු චීනය හැරුණු කොට ලෝකයේ සෑම රටකම පාහේ කොටස් වෙළෙඳාම තරමක පසුබෑමක පවතී. ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ ආයෝජකයන්ගේ විස්මයට හේතු වී ඇත. මෑත භාගය තුළ පිබිදීමක් තිබුණ කොටස් වෙළෙඳපොළ ගණනාවක අවිනිශ්චිත තත්වය පවතින බව පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ආර්ථිකය කළඹවන අතර එහි වාසිය හේතුකොටගෙන ඇමරිකාව යළිත් ඉහළට ඔසවා තබන්නට වෑයම් කරමින් සිටී. ඔහුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ පැවැතිය හැකි අවදානම ගැනීමට ආයෝජකයෝ සූදානම් නැත.

ඉන්දියානු, ජපාන කොටස් වෙළෙඳපොළවල සංචිත විකුණා චීනයේ ආයෝජනය කිරීමට පසුගිය කාලයේ තිබුණ ප්‍රවණතාව තරමක සසලවීමකට පත්ව ඇති අතර ඇමරිකානු මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරියේ විදේශ ගනුදෙනුකරුවන් තරමක නිහැඬියාවක පසුවන බව දැක්වේ. 2024 වසර අවසන්වන විට ඉන්දියානු කොටස් වෙළෙඳපොළෙන් පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියනක මුදලක් විදේශ ආයෝජකයෝ ඉවත් කරගෙන තිබේ. ජපානයේ නිකිණි සියයට 1.5 කින්, ඉන්දියාව සියයට 4 කින්, හොංකොං සියයට 18 කින් පමණ ආසියානු වෙළෙඳපොළ වශයෙන් පසුබෑමකට පත්ව ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන පවා පසුගිය සති හතරකට වැඩි කාලය තුළ ශුද්ධ ඉවත්කරගැනීම් වශයෙන් සටහන්ව තිබේ. 

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙ​ෙළඳාම තාවකාලික විරාමයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site