කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ හැසිරෙන ප්‍රවණතා අනුව සියලු කොටස් මිල දර්ශකය අලුත් වාර්තාවක් සනිටුහන් කරනු ඇති අතර ආයෝජකයන්ගේ සක්‍රීයභාවය අනුව තවත් ඉදිරියට ගමන් කරන්නට ඉඩ තිබේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 ඉක්මවනු ලැබුවහොත් ගනුදෙනු දිනපහක් තුළ ඒකක පන්සියයකින් ඉහළයාම මෙරට ගනුදෙනු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් විය හැකිය.
කැබිනට් තීරණයක් අනුව විදේශ සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කර තිබේ. මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ පසු මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන ඉන්දියාව, රුසියාව හා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හතළිස් හයක විදේශිකයන් මෙරටට පැමිණීමේ දී වීසා ගාස්තු අය නොකෙරේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 66 ක විදේශ විනිමය ප්‍රමාණයක් වීසා ගෙවීම් සමග රටට ලැබී තිබුණි. මෙම තීන්දුව සමග වැඩි සංචාරක ආකර්ෂණයක් අපේක්ෂා කෙරේ. මෙම සතියේ දී සංචාරක හෝටල්, අවන්හල් හා සංචාරක අංශයට අදාළ සේවා කාණ්ඩයේ සමාගම්වල කොටස් මිල දී ගැනීමට ප්‍රවණතාවක් බලාපොරොත්තු වේ.
ඉකුත් සතියේ විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 217 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ. සිකුරාදා රුපියල් මිලියන 137 ක කොටස් විදේශිකයන් මිල දී ගන්නා අතර විකිණීම් රු. මිලියන 135 කි.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉකුත් සිකුරාදා (ජුනි 25) සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,467.71 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 88.47 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,755.04 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 27.67 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 4.22 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 34,091කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 200.2 ක් විය. සමාගම් 164 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 39 කි.
නිරීක්ෂක
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොටස් වෙළෙඳාම ඓතිහාසික වාර්තාවකට සූදානම්