IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කොටස් වෙළෙඳපොළ වසර තුළ තෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසර තුළ වාර්තා කළ තෙවැනි ඉහළම පිරිවැටුම ඊයේ (9) දිනයේදී වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 13.30 ක පිරිවැටුමක් වාර්තා වූ අතර, එහිදී කොමර්ෂල් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 5.22ක් සඳහා දායක වී තිබේ.

එසේම ඩීමෝ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් සිදු කළ ගනුදෙනුද මෙම පිරිවැටුම සඳහා දායක වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි. මීට පෙර මැයි 27 වැනිදා රුපියල් බිලියන 18.7ක පිරිවැටුමක්ද අගෝස්තු 21 වැනිදා රුපියල් බිලියන 11.1 පිරිවැටුමක්ද වාර්තා විය. මේ දක්වා කොළඹ කොටස් හුවමාරුව තුළ ඉහළම දෛනික පිරිවැටුම ලෙස රුපියල් බිලියන 32ක් වාර්තා වී ඇත්තේ 2008 අප්‍රේල් මාසයේදීය. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී ASPI ඒකක 22,174.74ක් දක්වා ඒකක 76.75කින් ඉහළ නැගි අතර, SandPSL දර්ශකය ඒකක 6,162.38ක් දක්වා ඒකක 0.84කින් පහත වැටුණි.



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ වසර තුළ තෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 881 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site