කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මිශ්‍ර ස්වභාවයක පැවැති අතර ගනුදෙනු අවසාන පැයේ දී වර්ධනයක් කරා ගමන් කරන්නට උත්සාහ කරන ලද නමුත් මෙදින (මාර්තු 07) ගනුදෙනු අවසානයේ දී දර්ශක රතු පැහැයෙන් එනම් පසුබෑමකින් අවසන් විය. ලාබ සහිතව කොටස් විකිණීමට දරන උත්සාහය පසුගිය දින කිහිපය හා සමානව තව දුරටත් පවතින අතර එය පසුබෑමට හේතු වූ බව නිරීක්ෂණය කළ හැකි විය. මෙම ස්වභාවය මෙම සතියේ ගනුදෙනුවල දී ද පවතින්නට ඉඩ තිබේ. දර්ශක අවම අගයක් දක්වා පහත වැටීමෙන් පසු මිල දී ගැනීමේ උන්නදුව ඇති විය හැකි බව පෙනේ.
පසුගිය සතියේ සියලු කොටස් මිල සියයට 2.2 කින් හා එස්. ඇන්ඩී පී. ශ්‍රී ලංකා දර්ශකය සියයට 2.5කින් බිඳවැටීම කැපී පෙණින. කොටස් වෙළෙඳාම සම්බන්ධයෙන් විදේශ ආයෝජන අංශවල පවතින අවම උන්නදුව සිකුරාදා දිනයේ දී ද දැකගත හැකි විය.
රුපියල් මිලියන 518 ක කොටස් විකූණන අතර මිල දී ගැනීම සඳහා රු. මිලියන 108 කට සීමාවී තිබුණි. පසුගිය සති දෙක තුළ විදේශ ආයෝජන අංශ කොළඹ කොටස් වෙළෙඳ පොළ කෙරේ ආකර්ශණීය වූයේ නැත.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,115.47 තෙක් පහළ වැටුණු අතර එය දර්ශක 7.63 ක රින අගයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,808.33 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 9.01 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය.
හේමාස් හෝල්ඩිං රු. මිලියන 485 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 115 ක්, හේලීස්, රු.මිලියන 108 ක්, සම්පත් රු. මිලියන 105 ක්, මාස්ටර් ක්‍රොප් රු. මිලියන 75 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 70 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වා තිබුණි. පසුගිය සතියේ වැඩිම අවධානය දේපොල අංශයට වූ අතර අනතුරුව බැංකු හා මුල්‍ය අංශයේ කොටස් කොරෙහි ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම යොමු වී තිබුණ බව දැක්වේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටස් වෙළෙඳපොළ වර්ධනයක් ගැන අපේක්ෂා