කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (07) වාර්තාගත පසුබැසීමක් සනිටුහන් කරන ලද අතර එය මෑත කාලය තුළ දක්නට ලැබුණ ඉතා අනපේක්ෂිත තත්වයක් බව සඳහන් කළ යුතුව තිබේ. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පසුගිය ජනවාරි 30 වැනි දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ව ඉතා ඉහළ අගයකට පත්ව තිබුණ අතර පළාත් පාලන මැතිවරණයට දින නියමව තිබිය දී මෙදින ගනුදෙනුවලදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,661.45 තෙක් පහත වැටිණ. මෙම කාල පරාසය තුළ ඒකක 2,454 කින් දර්ශක පහත වැටීමක් සිදු වී තිබේ. ඊයේ ගනුදෙනුවල දී පමණක් එක් දිනක් තුළ සියලු කොටස් මිල ඒකක 712 කින් පහත ගියේය.
ඇමරිකානු ආණ්ඩුව පනවන ලද අලුත් බදු හේතු කොටගෙන ලෝකය පුරා සැලකිය යුතු කැළඹීමක් හටගෙන ඇති අතර ජාත්‍යන්තර ප්‍රකට වෙළෙඳපොළ ගණනාවක දර්ශක පිරිහීමකට පත්ව තිබේ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හා එහි දී දෙරටට වාසිදායක සේ අත්සන් කරන ලද ගිවිසුම්වලින් එන ප්‍රතිලාභ නොසලකන ලද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන් දිගින් දිගටම කොටස් විකිණීමට උනන්දුවන බවක් පෙනිණ. කෙසේ වෙතත් මෙහි දී ශුද්ධ විදේශ ගැනුම් වශයෙන් රු. මිලියන 300 ක මුදලක් රටට ලැබීම විශේෂත්වයකි. විදේශ ආයෝජන වශයෙන් රු. මිලියන 698.97 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 398.70 කි.
ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,264.84 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 268.51 ක පහළ යෑමක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට පසුබැසීම ආරම්භ වූ අතර විකිණීමේ උත්සාහය හේතු කොටගෙන දර්ශක තවදුරටත් පහළ අගයකට පත්විය. එහෙත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිවැටුම රු. බිලියන 5.05 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,400 ක් වූ අතර කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 37 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 212 වේ. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,253.1 දක්වා අඩු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක්