IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව සියයට 5කින් පහත වැටීමත් සමගින්ම කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු විනාඩි 16කට අත්හිටුවීමටද සිදු විය. ඒ අනුව ඊයේ පෙරවරු 9.51 සිට 10.07 දක්වා ගනුදෙනු අත්හිටුවූ අතර, ඉන්පසුව තවත් විනාඩි 14ක කාලයක් පැවැති වෙන්දේසි කාලයකින් අනතුරුව යළිත් ගනුදෙනු ආරම්භ වූයේ පෙරවරු 10.21 ටය.

මේ අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු‍ කොටස් මිල දර්ශකය ((ASPI) ඒකක 14,660.45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 712.90කින් එනම් සියයට 4.64ක පහළ බැසීමක් විය. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 මිල දර්ශකය ඒකක 4,264.84ක් දක්වා ඒකක 268.51කින්, එනම් සියයට 5.92කින් පහළ බැස තිබුණි.

දිනය තුළදී සමාගම් 205 ක කොටස් මිල පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර, සමාගම් 15ක පමණක් කොටස් මිල සුළු ඉහළ යාමක් දක්නට ලැබුණි. විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව වෙත පනවන ලද සියයට 88ක තීරු බදු හේතුවෙන් හටගත් කම්පනය නිසා ඇතිවූ ආයෝජක අස්ථාවරත්වය මෙම කඩා වැටීමට හේතුව බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත් ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ කොටස් 188,300,651ක් ගනුදෙනු වී තිබූ අතර, එහි පිරිවැටුම ලෙස රු. බිලියන 6.47ක් සටහන් විය. 



අදහස් (0)

කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site