IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළඳපොළ ක්ෂණික වර්ධනයක්

ආර්ථිකයේ වත්මන් ප්‍රවණතා සහ ඉදිරි සැලසුම් අනාවරණය කරන විශේෂ ප්‍රකාශයක් ජනාධිපති අනුර දිසානායක මහතා ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට පත් දැනට රට තුළ කරගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ දී වේගවත් කරන පිළිවෙළ අනාවරණය කරනු ඇතැයි ආයෝජකයන් විශ්වාස කරන බව පෙනේ. විදුලිය අංශයේ පිරිවැය කළමනාකරණය හා පද්ධති ශක්තිමත් කරන අරමුණ ඇතිව ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය වැඩසටහනක් අනුමත කර ඇත. ඊයේ (ජුනි 26) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,740.46 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 204.84 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,265.35 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 46.34 වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 6,852.98 කි. කොටස් මිලියන 427.0 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,478 කි. සමාගම් 185 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 60 කි. 
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව ඉතාම දරුණු තත්වයක බව නිරික්ෂණය කළ හැකිව තිබුණ අතර මිල දී ගැනීම් රු. මිලියන 193.4 ක් වූ අතර විකිණීම් රු. මිලියන 813.8 කි. ශුද්ධ විනිමය බැහැරවීම රු. බිලියන 620.4 කි.  එපමණ මුදලක් මෙරටින් ඉවත්කරගෙන තිබේ.
හැටන් නැෂනල් ෆිනෑන්ස් රු. මිලියන 403 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 359, ඩිප් බ්‍රඩක්ට් රු. මිලියන 297 ක්, සන්ෂයින් හෝල්ඩි රු. මිලියන 288 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 226 ක්, සම්පත් රු. මිලියන 199 ක්, ආදි වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළඳපොළ ක්ෂණික වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 547 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site