IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොටස් වෙළෙඳපො​ෙළ් අඩුම පිරිවැටුමක්

භානුක අමරසිංහ 
පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ පෙන්නුම් කළ පහළ බැසීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින් ඊයේ (10) දිනය සඳහා ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,000.78ක් දක්වා, පෙර දිනයට සාපේක්ෂව ඒකක 114.69කින් එනම් සියයට 0.71කින් පහළ වැටුණි. 
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 20 (S&PSL20) දර්ශකය ඒකක 4,778.10ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 33.23කින් එනම් සියයට 0.69 කින් පහළ වැටුණි. 
ඊයේ දිනය තුළ කොටස් 29,504,538ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 824ක් ලෙස සටහන් විය. මෙය ආසන්න කාලසීමාවේදී වාර්තා වූ අඩුම පිරිවැටුම ලෙස සැලකෙයි. පෙබරවාරි 28 වැනිදා පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් විය. 2024 අගෝස්තු 07 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි පිරිවැටුම රුපියල් මිලියන 320ක් ලෙස සටහන් වූ අතර, එය කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ 2020 මැයි මාසයෙන් පසුව වාර්තා වූ අඩුම පිරිවැටුම විය. 



අදහස් (0)

කොටස් වෙළෙඳපො​ෙළ් අඩුම පිරිවැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site