කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඔබ කළ යුතු සහ නොකළ යුතු දෑ පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජනයකි. පසුගිය වසරේදී කොටස් වෙළෙඳපොළෙන් ආයෝජකයන්ට සාමාන්‍යයක් ලෙස ලැබුණු ප්‍රතිලාභය සියයට 50 ක් වන අතර සමහර ආයෝජකයන් නැණවත්ව ආයෝජනය කිරීමෙන් ඊට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලබාගෙන ඇත. එනමුත් වෙනත් ඕනෑම ආයෝජන මාර්ගයක් මෙන් කොටස් වෙළෙඳපොළ ආයෝජනයේද එයටම අදාළ වූ අවදානමක් ඇත. මෙම අවදානම ඕනෑම ආයෝජනයකට පොදු වන අතර එය කොටස් වෙළෙඳපොළට පමණක් සීමා නොවේ.
පුද්ගලයකු ආයෝජනය කරනු ලබන්නේ යම්කිසි අවදානමක් ගෙන එයට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙනි. කොටස් වෙළෙඳපොළේ ඉහළයාම හේතුවෙන් පසුගිය මාස කිහිපය වන විට 20,000කට අධික නවක ආයෝජකයන් පිරිසක් කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වී සිටින අතර මෙම ලිපියෙන් එසේ සම්බන්ධ වී සිටින සහ සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන්ට ඔවුන් කොටස් වෙළෙඳපොළේදී සිදු කළ යුතු දෑ සහ සිදු නොකළ යුතු දෑ පිළිබඳව පහදා දීමට අපි උත්සාහ කරන්නෙමු.
කොටස් වෙළෙඳපොළ දිගුකාලීන ආයෝජන මාර්ගයකි
අනෙකුත් ආයෝජන මාර්ග මෙන්ම කොටස් වෙළෙඳපොළද දිගුකාලීන ආයෝජන මාර්ගයකි. කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන අයෙකු කෙටිකාලීන අරමුණු මත පිහිටා කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය නොකළ යුතුය. කොටස් වෙළෙඳපොළින් බොහෝ විට ප්‍රතිලාභ ලැබෙනුයේ දිගුකාලීනවයි. ආයෝජනයක් යනු දිගුකාලීනව මුදල් යෙදවීමකි. කොටස් වෙළෙඳපොළක් තුළ කෙටිකාලීනව උච්චාවචන සිදු විය හැකි අතර ආයෝජකයකු දිගුකාලීන අරමුණු මත පිහිටා කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කර තිබේ නම් එම කෙටිකාලින උච්චාවචනවලට කලබල විය යුතු නැත. ඉන් ඔහුගේ හෝ ඇයගේ දිගුකාලීන ආයෝජනයට බලපෑමක් සිදු නොවන අතර එමගින් ඔහුට හෝ ඇයට ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැක. මින් කෙටිකාලීන ලාබ ලැබුවහොත් එයින් ප්‍රයෝජන ගැනීමට එපා යයි අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන් ඔබ රුපියල් 10 ට මිලදී ගත් කොටසක් දිනයක් තුළ රුපියල් 15 කට ඉහළ ගොස් තිබුණේ නම් එම කොටස් විකුණා ඔබට එම ලාබය කෙටිකාලීනව ලබා ගත හැක.
එහෙත් ඔබ රුපියල් 10ට මිලදී ගත් කොටසක් පසු දිනය වන විට රුපියල් 8.00 කට පහළ බැස තිබුණහොත් සහ එවිට එම කොටස් විකුණුවහොත් ඔබට රුපියල් 2.00 ක අලාභයක් අත්විඳීමට සිදු වේ. ඔබට මෙම අලාභය ඇති වන්නේ ඔබ කොටස් විකුණුවහොත් පමණි. ඔබ කොටස් වෙළෙඳපොළට ගෙන ආ මුදල් දිගුකාලීනව රඳවා තබා ගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණ තිබුණහොත් ඔබට හදිසියට කොටස් විකිණීමට අවශ්‍ය වන්නේ නැත. මක් නිසාද යත් ඔබට මෙම මුදල් හදිසියේ ඉවත් කර ගැනීමට අවශ්‍ය නොවන බැවිනි. එබැවින් ඔබ කොටස් වෙළෙඳපොළට රැගෙන එන මුදල් අවම වශයෙන් වසර 5ක් වත් රඳවා තබා ගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණිය යුතුය. එහෙත් කෙටිකාලීනව ප්‍රතිලාභ තිබුණහොත් ඒවායින්ද ප්‍රයෝජන ලබා ගැනීමේ වරදක් නැත. එහෙත් ඔබ දිගුකාලීන ආයෝජකයකු බව තරයේ මතක තබා ගත යුතුය.
කොටස් වෙළෙඳපොළ පිළිබඳව හදාරා එයට පිවිසිය යුතුය.
කොටස් වෙළෙඳපොළෙහි මෙම ඉහළයාම හේතුවෙන් අප කලින් සඳහන් කළ ආකාරයට ආයෝජකයන් 20,000කට අධික ගණනක් පසුගිය මාස කිහිපය තුළ කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ වී සිටී. මෙසේ පැමිණෙන ආයෝජකයන් මුලින්ම සිදු කළ යුතු වන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමයි. එම දැනුම ලබා ගැනීම සඳහා ඔබ හට විවිධ ක්‍රම භාවිත කළ හැක. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ කොටස් තැරව්කාර සමාගම් වැනි ආයතන සමඟ සම්බන්ධ වී, මේ පිළිබඳව තොරතුරු ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ පළාත් සියල්ලම ආවරණය වන පරිදි කොළඹ කොටස් හුවමාරුව මේ වන විට සිය ශාඛා පිහිටුවා ඇති අතර ආයෝජකයන්ට ඒවා හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක.
එමෙන්ම කොටස් තැරව්කාර ආයතනද භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු ආයෝජකයන්ට ලබා දෙන අතර මේ ආයතනවලට සම්බන්ධ වී ඕනෑම පුද්ගලයකුට තොරතුරු ලබා ගත හැක. මෙම සියලුම ආයතන ඔවුන්ගේ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය ජාල ද පවත්වා ගෙන යන අතර ඒවා හා සම්බන්ධ වී ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැක. මෙහිදී විශේෂයෙන්ම, සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ කිසියම් ආකාරයකින් නිල නොලත් ලෙස පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම වැරදි ආයෝජන තීරණ ගැනීමට හේතු විය හැකි බවයි. මක් නිසාද යත් බොහෝ පුද්ගලයන් මෙසේ සමාජ මාධ්‍ය නාලිකා පවත්වා ගෙන යනු ලබන්නේ වෙනත් පරමාර්ථ මුල් කර ගෙනය. ඒවා හරහා තොරතුරු ලබා ගන්නා පුද්ගලයන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය.
කොටස් වෙළෙඳපොළ සූදුවක් ලෙස නොසලකන්න
කොටස් වෙළෙඳපොළ යනු ආයෝජන මාර්ගයක් වන අතර එය සූදුවක් නොවේ. කොටස් වෙළෙඳපොළෙහි ඇති සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ යන්නේ විවිධ ආර්ථිකමය, දේශපාලනමය සහ ලෝක වෙළෙඳපොළ තත්වය ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගෙනය. එසේම කොටස් වෙළෙඳපොළෙහි කොටසක මිල තීරණය වන්නේ එම කොටසට ඇති ඉල්ලුම/ සැපයුම මුල් කරගෙනය. එබැවින් කොටස් වෙළෙඳපොළ යනු සූදුවක් ලෙස සැලකිය නොහැක. සූදුවකදී තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ සම්පූර්ණයෙන්ම වාසනාව මතය. එයට කිසිම මූලධර්මයක් අදාළ නොවේ. එහෙත් කොටස් වෙළෙඳපොළෙහි ඔබ නැණවත්ව ආයෝජනය කළ හොත් ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලැබිය හැකිය.
කොටස් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳව නොදන්නා පුද්ගලයන් කොටස් වෙළෙඳපොළ සූදුවක් ලෙස හැඳින්වීමට උත්සාහ කරයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයකි. මිථ්‍යාවකි. උදාහරණයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ සියයට 49 ක් ඉහළ ගොස් ඇති අතර එය සම්පූර්ණයෙන්ම රටේ ඇතිවුණු දේශපාලන තත්වය සහ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම හේතු කර ගෙන ඇති වූ ප්‍රවණතාවකි. එසේ නොමැතිව වාසනාව මත ඇති වූ ඉහළයාමක් නොවේ. ඔබ සූදුවකදී දාදු කැටයක් භාවිත කළහොත් එහි අංක 6 වැටෙන්නේ සම්පූර්ණයෙන්ම වාසනාව මතය. එහෙත් කොටස් වෙළෙඳපොළෙහි කොටසක මිල ඉහළ යනු ලබන්නේ ඔබගේ වාසනාව මත නොවේ. එසේ මිල ඉහළ නඟිනු ලබන්නේ ඉහත සඳහන් කරුණු කාරණා පදනම් කරගෙනය.
■අනෙකුත් ආයෝජකයන් පසුපස යාම
කොටස් වෙළෙඳපොළ ආයෝජකයකු වශයෙන් ඔබ සිදුකළ යුතු වැදගත් කරුණක් වන්නේ අනෙකුත් ආයෝජකයන් පසුපස නොයාමයි. සමහර අවස්ථාවලදී විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් බිලියනපතියන් වු ආකාරය පිළිබඳව සඳහන් කරයි. එසේ වූ විට, සමහර නවක ආයෝජකයන් උත්සාහ කරනු ලබන්නේ එවැනි ප්‍රවෘත්ති මවන ආයෝජකයන් අනුකරණය කිරීමට උත්සාහ කිරීමයි. කොටස් වෙළෙඳපොළට පිවිසෙන ඔබ, ඔබටම ආවේණික වූ පුද්ගලයෙකි. ඔබගේ වයස, ආදායම, ඉතුරුකිරීම්, අවදානම ගැනීමේ හැකියාව, දැනුවත්භාවය ඔබටම පොදු වූවකි.
ඔබ සිදුකළ යුතු වන්නේ ඔබට ගැළපෙන ආකාරයට කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමයි. එසේ නොමැතිව අනෙකුත් ආයෝජකයන් අනුකරණය කිරීම නොවේ. ඔබ විසින් ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව යම් ආකාරයක සැලසුමක් ඔබ සකස් කරගත යුතුය. එමෙන්ම ඔබගේ ආයෝජන අරමුණු ද අනෙකුත් පුද්ගලයන්ට සමාන්තරව වෙනස් වනු ඇත. මෙම කරුණු සියල්ල සිතා බලා ඔබටම ආවේණික ආයෝජන ක්‍රියාපටිපාටියක් ඔබ සූදානම් කර ගත යුතුය. එය ඔබගේ ඉදිරි පැවැත්මට බොහෝ සෙයින් ධනාත්මකව බලපානු ඇත. ඒ සඳහා කොටස් වෙළෙඳපොළේ සිටින කොටස් තැරව්කාර ආයතනයක සහතිකලත් ආයෝජන උපදේශකයකුගේ සේවය ලබා ගත හැක.
කටකතා මත ආයෝජනය
කොටස් වෙළෙඳපොළේදී ඔබ සිදු නොකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කට කථා මත ආයෝජනයයි. ඔබ කොටස් වෙළෙඳපොළේදී ආයෝජනය කරන විට නිවැරදි තොරතුරු මත ආයෝජනය කළ යුතු අතර එම තොරතුරු තහවුරු වූ තොරතුරු විය යුතුය. එසේ තොරතුරු ලබාගත හැකි හොඳම මාර්ගය නම් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙබ් අඩවියයි. එමෙන්ම කොටස් වෙළෙඳපොළෙහි කොටස් තැරව්කාර සමාගම්වලට සම්බන්ධ ආයෝජන උපදේශකවරුන් ඔබට තොරතුරු ලබා දෙනු ඇත. ඔවුන් එසේ තොරතුරු ලබා දෙන්නේ තම පර්‌යේෂණ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන පර්‌යේෂණ පදනම් කරගෙනය. තම ආයෝජන උපදේශකයන් ලබාදෙන කොටස් ගැණුම්/විකුණුම් නිර්දේශ ඔබ ක්‍රියාත්මක කිරීමට පෙර ඔබ ඔවුන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය. ඔබගේ ආයෝජන උපදේශකවරයා, ඔබට XYZ සමාගමේ කොටස් මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි පවසා ඔබට කොටස් මිලදී ගැනීමට නිර්දේශ කළහොත් ඔබ කළ යුතු වන්නේ එසේ එම නිර්දේශ ලබා දීමට හේතු වූ කාරණා තම ආයෝජන උපදේශකවරයාගෙන් විමසීමයි. එසේ නොමැතිව අන්ධ මානසිකත්වයෙන් යුතුව තම ආයෝජන උපදේශකවරයාගෙන් ලැබෙන සියලුම උපදෙස් පිළිපැදීම නොවේ. අප ඉහතින් සඳහන් කළ ආකාරයට ඔබ ආයෝජනය කිරීමට ප්‍රථම කොටස් වෙළෙඳපොළ පිළිබඳව හදාරා නිබුණහොත් ඔබට තීරණ ගැනීමට එම දැනුම බෙහෙවින් උපකාරී වනු නොඅනුමානය.
(මෙම ලිපියෙහි ඉතිරි කොටස ඉදිරි දිනෙක පළ කෙරේ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොටස් වෙළඳපොල ආයෝජය සුදුවක්ද?
Sameeramanchanayaka Thursday, 22 May 2025 01:06 PM
නෑ.