ධීවර ගැටලූවට විසදුමක් වශයෙන් කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුදලට බලපත‍්‍ර ලබා දෙන්නැයි ඉන්දියාj ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාද බදාදා නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා යෑමට නියමිත අතර අමාත්‍යවරයාගේ සංචාරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයිද මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර ශී‍්‍රලංකා මුුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදුණු ඉන්දියා ධීවරයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගත්බව ශී‍්‍රලංකා නාවික හමුදාව ඊයේ (06) නිවේදනය කළේය.
ගැටලූවට තුඩු දී ඇති කච්චතිව් දූපත 1974 දී එවක ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි ශී‍්‍රලංකාවට පවරා දුන්නකි.
එය නැවත ඉන්දියාවට පවරා ගත යුතුයැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා කියන්නීය.
ශී‍්‍රලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමට පැමිණ අත්අඩංගුවට පත්වන්නෝ බොහෝ දෙනාද තමිල්නාඩු ධීවරයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී හිතන්න තියෙන්නේ අපේ රටේ ජනතාව ගැනයි. (නි)
ලුම්බිනිට, කදුලක්වත් මොලේ නැහැ. ලග හිතන නුවන පමණයි, දුර හිතන්න පුරුදු උනොත් අනාගත පරම්පරාව රැකෙනවා. අවසර දුන්නොත් මොකද වෙන්නේ ..? දැනට කුඩු,කේරල ගංජා, රතත්රන්, හොරට අදින එක, හොදටම එයාල බල පත්‍රවලින් කරගෙන යා හැකියි. අනික කොටින්ට තවත් උදව් දෙත හැකියි. දඹදිව ගමනේ තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයෝ අමු අමුවේ මරන්න හැදුවා. ගහල එලෙව්වා. දැන්, හමුදාවට හොරෙන් මුකුත් කරන්න බැරි නිසා අවසර ඉල්ලනවා. අතිගරු ජනාධිපති තුමනි අපේ රටේ ඉන්න අසරණයින්ගේ බඩට වැලි වැටෙන කිසිම දෙයකට අත්සන් නොකර එඩිතරව කියා සිටින්න අපේ ජනතාවගේ දුප්පත් බත් පත ඔවුන්ට නැති කරලා දාන්න බැරි වග. අනික ජය ලලිතාට ඕන විදියට අපි මොකට අපේ ජනතාවගේ ජීවන රටා වල් වෙනස් කරන්නේ. ඉන්දියාවට මාළු නැතිනම් එයාලගේ මුහුදේ, මාළු කන්නේ නැතිව පරිප්පු කන්න කියන්න (නදී)
ඉන්දියාව එක්ක ඔය ගනුදෙනුව අත්සන්කරන එක ප්‍රවේශමෙන් කල යුතුයි... මොකද ඉන්දියාව කියන්නේ එක එක වෙලාවට එක එක විදිහේ ප්‍රතිචාර දක්වන රටක්...... අන්තිමට අපිට කච්චතිවු නැති වෙන්නත් පුළුවන් ඕකට ගිහින්...(ස)
මේ ක්‍රමයෙන් වෙන්නේ අපිට හිමි මාලු ටික ඉන්දියාවට අඩු මුදලට විකුණන්න වෙන එක. ඊට වඩා හොඳ නැද්ද ඉන්දියාවෙන් එන ධීවරයින් නවත්වන්න වෙන ක්‍රමයක් හොයන එක. (නි)
හොඳින් හිතන්න වෙනවා (නි)
ඉන්දියාව සමග ගහන ගිවිසුමක්ම අත්සන් කලයුත්තේ ඉතා ප්‍රවේසමිනි. මතකද රජිව් ගාන්ධි මහතා සමග ජේ.අාර් ජයවර්ධන මහතා අත්සන් කල ගිවිසුම. අද අපට පළාත් සභා නිසා උතුර වෙන් වෙන තැනට වැඩ කෙරිලා තියෙන්නේ. මුදලට උනත් ගිවිසුම් අත්සන් නොකිරීම යෙහෙකි. මොකද, කියමනක් තියෙනවා පළමුව ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ කියලා. කියාවි, කච්චතිව් ආසන්නයෙන් එහාට ගිහින් මාළු බාන ගමන් අපි ලංකාවට මුදල් ගෙවලා තියෙන්නේ කියලා. (නදී)
අවසර දුන්නම නොම්මර කියවන්න ලුම්බිණි පත්කර ගනිමු (නදී)
දෙනවා වගේ නෙමෙයි ආපහු ඉල්ලනවානේ (දී)
හොරෙන් ඇවිත් රටවල් අතර ප්‍රශ්න ඇති වෙනවට වැඩිය හොඳි මෙහෙම පර්ම්ට් එකක් දෙන එක. (නදී)
ඉඩ දුන්නොත් අනාගතයේදී අපට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. මෙය රටේ ප්‍රශ්නයක් නිසා ධීවරයන්ට තීන්දු ගැනීමට අයිතියක් නොමැත (නි)
හොයලා බලලා සාධාරණයක් කරන්න (නි)
මම හිතනවා මේක හොඳ යෝජනාවක් කියලා. මේකෙන් ලංකාවට ආදායමක් එනවා විතරක් නොවෙයි ප්‍රශ්නෙට විසඳුමකුත් තිබෙනවා. එකම දේ බලපත්‍රලාභීන් කවුද කියලා බලන්න වෙනවා. ඒකට මුහුදු යාත්‍රා වලට දුර සිට පෙනෙන නොම්මරයක් දීම විසඳුමක් වේවි. (නි)
හොඳින් හිතාබලා තීරණයක් ගතයුතු ගැටළුවක් (නි)
සල්ලි කිව්වොත් ඉතින් හැමෝම මොකටත් කැමති වෙනවා. මෙහිදී හිතන්න තියෙන්නේ අපේ රටේ ජනතාව ගැන. ඉන්දියාවේ ඉන්න ලෝකෙට එක දාගන්න අය ගැන නෙමෙයි (නදී)
මෙයට උත්තර දෙන්න කලින් අපේ ධිවරයන් සමග එකගතාවයකට පැමිණිය යුතුයි . කොලඹ ඉන්න අය තීරණ ගන්න එපා. යාපනයේ දෙමල ජාතිය වෙනුවෙන් කිබුල් කදුළු හෙලන තමිල්නාඩුව ඇයි ඔවුන්ගේ මලු ටික සුර කන්න හදන්නේ???(දී)
ලුම්බිණි,හරියට පාසල් ගිහින් නැති පාටක් තමා පෙන්නේ.නොම්මරේ ඇතට පෙනුණාම හරිද? (අ0
අවසර දුන්නොත් තවත් ප්‍රශ්නයකට ලංකාව අත ගැහුවා වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
ඉතිහාසයෙන් අපි කළ මෝඩකම් මෙවේලේ සිහිකරන්න ඕනෑ (නි)
අවසර දුන්නොත් තවත් ලෝක ලෙඩකට ලංකාව අත ගැහුවා වගේ වෙනවා අනිවාර්යෙන්ම.ගෙරි හමක ඉඩ දීල කරගත්ත මෝඩකම් ඉතිහාසයෙන් ඉගෙන ගත්තොත් හොදා! (දී)
ඉන්දියන් සාගරයක්ම තිබියදී අපේ කුඩා මුහුදු තීරයකට මෙතරම් ලොල්වීමට හේතුව මොකක්ද? (නි)
කල්පනා කර බලා තීරණයක් ගන්න (නි)
ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සීමාවල මසුන් මරන්නේ බොහොම අක්‍රමවත් සහ ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන ලද ක්‍රම භාවිතයෙන් සහ කෘර විදියට මුහුදු පතුලේ පැළෑටි සහ ජීවින් හටගැනිමට තිබෙන ස්ථාන මුළුමනින්ම විනාශ කරමින්. ඔවුන් කවදාවත් හිතන්නේ නැහැ ඔවුන් වගේම ලංකාවේ උතුරේ සිටින ධීවරයින්ට ඔවුන්ගේ ජිවනෝපාය සඳහා මොවුන්ගේ මේ ක්‍රියාවන් නිසා මසුන් ඉතිරි නොවන බව. (නි)