කොළඹ කිංග්ස් (Kings) රෝහල මෙරට පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ සුවිශේෂී වාර්තාවක් තබමින් එම රෝහල තුළ පළමු වැඩිහිටි ජීව අක්මා බද්ධ කිරීම අති සාර්ථක ලෙස කළේය.
මෙම සාර්ථක ශල්‍යකර්මයත් සමග සංකීර්ණ අක්මා රෝගීන් සඳහා දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාව තුළදී ප්‍රතිකර්ම කිරීමට අවස්ථාව ලැබේ.
නිදන්ගත අක්මා රෝගීන් විශාල සංඛ්‍යාවක් සංකීර්ණ අක්මා රෝග සම්බන්ධ ශල්‍යකර්ම සහ අක්මා බද්ධ කිරීම සඳහා ඉන්දියාව ඇතුළු විදේශ රටවලට යොමුවේ.
තම අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ රෝගියාගේ සහෝදරිය ද, අක්මා බද්ධයට මුහුණ දුන් රෝගියා ද ශල්‍යකර්මය කර සතියකින් නිරෝගීව රෝහලෙන් පිටව ගිය බව ද එම රෝහල පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd