IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කාගිල්ස් MAS Foundation for change සමග එක්වෙයි

ලෝක පරිසර දිනයට සමගාමීව පාරිසරික ආරක්ෂාව සඳහා තවත් පියවරක් ඉදිරියට තබමින් කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ්, KIST සහ KNUCKLES යන සිය සන්නාම සමග එක්ව, වනාතමුල්ලේ දී සිය දෙවැනි Ocean StrainerTM පෙරහන ස්ථාපනය කිරීම පසුගිය දා සිදුවිය. මේ වසරේ ගෝලීය පරිසර තේමාව වන “ප්ලාස්ටික්වලින් සිදුවන දූෂණය අවසන් කරමු” යන්න හා සමගාමීව MAS Foundation for change සමග සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
Ocean StrainerTM යනු, ප්ලාස්ටික් සහ අනෙකුත් දිරාපත් නොවන ද්‍රව්‍ය ඇතුළු පාවෙන අපද්‍රව්‍ය ගංගා ජල මාර්ග හරහා සාගරයට ගලා යාම වැළැක්වීම සඳහා ජල මාර්ග හරහා සවි කිරීමට විශේෂයෙන් නිර්මාණය කරන ලද පද්ධතියකි. බොරලැස්ගමුවේදී දියත් කරන ලද පළමු Ocean StrainerTM ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය අනුව, දියත් කරන ලද මෙම දෙවැනි ව්‍යාපෘතිය ද පාරිසරික දූෂණය අවම කරමින්, අවට පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා උපකාර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
මෙම පෙරහනෙහි අඛණ්ඩ කාර්යක්ෂමතාව වෙනුවෙන් සහ එහි ඵලදායීතාව උපරිම කිරීම සඳහා නිතර පිරිසුදු කිරීම් හා නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහ ප්‍රාදේශීය නගර සභාවල සක්‍රීය දායකත්ව හිමිවන අතර, Ocean StrainerTM පෙරනයෙහි සාර්ථක ක්‍රියාකාරිත්වය සඳහා එක්වන ලද අපද්‍රව්‍ය ක්‍රමානුකූලව එක්රැස් කිරීමේ සහ එම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමේ කටයුතු ඔවුහු අධීක්ෂණය කරති.
කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙම නව විසඳුම මගින්, සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගලා ඒම වළක්වාලීම සිදුවන නිසා සාගර ප්ලාස්ටික් දූෂණයට සාර්ථකව මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා. මෙම මුලපිරීම ඉදිරියට ගෙන යමින් දෙවැනි Ocean StrainerTMදියත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා මෙන්ම, අපගේ පරිසරයට දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපි කැප වී සිටිනවා.”
MAS Foundation for change හි විධායක අධ්‍යක්ෂිකා ශාරිකා සේනානායක මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “අපගේ 80 වැනි Ocean StrainerTM පෙරහනෙහි යෙදවීම සනිටුහන් කිරීමට ලැබීම ගෞරවයක්. 
මෙය ශ්‍රී ලංකාව පුරා පිරිසුදු ජල මාර්ග ආරක්ෂා කිරීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබඳව සහ සෑම වසරකම ගොඩබිම් ජල මාර්ග හරහා සාගරයට ළඟා වන ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 9 ට එරෙහිව අපගේ සටනේ සංධිස්ථානයක් පිළිබිඹු කරනවා. 
කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ් සමග සිදුකළ මෙම දෙවැනි ව්‍යාපෘතිය, අර්ථවත් පාරිසරික බලපෑමක් ඇති කිරීම සඳහා, තිරසාර සහයෝගීතාව පිළිබඳ මනා සාක්ෂියක්. මෙම හවුල්කාරිත්වය හරහා අපට පිරිසුදු සාගරයක් සහ යහපත් ලෝකයක් නිර්මාණය කළ හැකියි.” 
කාගිල්ස් සමාගම අනාගත පරම්පරා වෙනුවෙන් පිරිසුදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සක්‍රීයව සහාය දක්වමින්, තිරසාරත්වය සහ පාරිසරික කළමනාකරණය සඳහා කැප වී සිටින අතර, අඛණ්ඩව සිය මෙහෙයුම් හරහා පරිසර හිතකාමී භාවිතයන් යොදා ගනු ලබයි.



අදහස් (0)

කාගිල්ස් MAS Foundation for change සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site