
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ගේ අවිධිමත් සංක්‍රමණ හා මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සදහා ඕමානයට ලාංකික ගෘහ සේවිකාවන් යැවීමේ කටයුතු වල නිරත රැකියා නියෝජිතායතන හා තනි අනුග්‍රහකයින් අනුගමනය කළ යුතු නව වැඩපිළිවෙළක් ඕමන් රජය හදුන්වා ද ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව එක් එක් ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ඇති විදෙස් රැකියා නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ට පමණක්, ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කීරිමට ඕමාන් රජය පියවර ගෙන ඇත.
එබැවින් ලාංකික ගෘහ සේවිකාවන් ඕමානයට යවන අදාළ ආයතන එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ලබා ගැනීම අනිවාර්ය වන බවත් විදේශ අමාත්‍යාංශය කියා සිටී.
“විරෝධතාවක් නොමැති බවට සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නොමිලේ සිදු කරන අතර එම සහතිකය ලබා දීමේ නව ක්‍රියා පිළිවෙත ඉකුත් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයික් එම ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දෙයි
සංචාරක වීසා කාණ්ඩය යටතේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීමට පොරොන්දු වන වංචනික ආයතන හෝ පුද්ගලයින්ට හසු නොවන්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මහජනතාවගෙන් ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අවිධිමත් ලෙස සංක්‍රමණය වීම/මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා පටිපාටියට දැඩි ලෙස අවනත වන ලෙසත්, මෙම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම විදේශීය හා දේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ගෙන් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී.
මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම සඳහා ලබා දුන් සහයෝගීතාව වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වකරුවන්ට සිය ස්තූතිය පළ කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්න ගැහැණු ටික රට යවලයි, රටවලින් ණය අරගෙනයි, රටේ තියෙන දේවල් විකුණලයි තමයි රට ගෙනියන්නේ. ඇත්තටම මේ රට පාලනය කරන්නේ පිරිමි නේද?
මම හිතුවෙ සර් ආවට පස්සෙ රටේ විශාල වෙනසක් වෙයි කියලා...කෘෂිකර්මය දියුණුවෙලා ස්වයංපෝෂිත වෙලා ආයෙ පරණ ආණ්ඩු වලින් කරා වාගෙ ගෑනු රට ඇරල හම්බ කොරල කන එක ලජ්ජාවට කාරණාවක් හන්දා...වෙනසක් හිතුවා...බලං ගියාම පරණ තැටියටම භූමිතෙල් දාලා පිහලා අරගෙන වාදනය කරනවා වාගෙ...අනේ දෙයියනේ මගේ...අපේ රටට යන කලක්......