ඉකුත් ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 8.8ක් ලෙස ගණනය කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව සැප්තැම්බර් මාසයේදී සියයට 8.6ක් වූ ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී දශම දෙකකින් සියයට 8.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසයේ දී පොල්, සහල් සහ එළවළුවල පැවැති අඩු මිල මට්ටම් ඔක්තෝබර් මාසයේදී උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සඳහා ආහාර කාණ්ඩය සියයට 6.4ක සහ ආහාර නොවන කාණ්ඩය සියයට 2.4ක දායකත්වයක් ලබා දී තිබේ. එහෙත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ මිළ ගණන් පහළ මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ දායකත්වය 2.3%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.8%ක් විය.
කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, මේ වසරේ සැප්තැම්බර් මාසයේ 123.3 ක් වූ දර්ශක අගය ඔක්තෝම්බර් මාසයේ 124.8ක් දක්වා ඉහළ යාමක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. පසුගිය මාසය හා සංසන්දනය කළ විට මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 1.5ක වැඩිවීමක් හෝ 1.2ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා වී තිබේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 1.12කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.08කින් වැඩිවීම බලපා ඇත.
ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා පොල්, එළවළු, සහල්, අමු මිරිස්, කෙසෙල්, රතුළූණු, දෙහි සහ තේ කොළ යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් අළුත් මාළු, බිත්තර, අර්තාපල්, අඹ, කරවල සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැප්තැම්බර් මාසය හා සසඳන විට මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ආපනශාලා හා හෝටල්, නිවාස, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා තිබේ.
තවද රෙදිපිළි හා පාවහන්, සහ ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු යන කාණ්ඩවල වියදම්වල වටිනාකමේ සුළු වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන,
055.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
450
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙලා
Bamunuarachchi Friday, 24 November 2017 05:07 AM
බජට් එකෙන් දාපු බදු ගෙවන්න වුණාම තවත් උද්ධමනය ඉහළට යාවි...