වියළි කොස් සකස් කරන ආකාරය
මහව - සජීවා කෝට්ටගොඩ
එළවළු, පලතුරු, පළා වර්ග වැනි කෘෂි අස්වැන්න බොහෝ අවස්ථාවලදී අතිරික්ත වීම නිසා විනාශ වීමට ලක්වේ. පරිභෝජනයෙන් තොරව අපතේ යන නිසා මෙරට ආහාර සපයන ගොවියන්ගේ ශ්‍රමය, කාලය මිල කළ නොහැකි ලෙස අපතේයාම සිදුවේ. එළවළු හා පලතුරු වර්ග අපතේ යෑම වළක්වා ගැනීමට ආහාර විජලනය හා සුරක්ෂිතතාව යොදාගත හැකිය.
ආහාර හිඟය, ලෙඩ රෝග වැනි ගැටලුකාරී තත්ව අවම කර ගැනීම සඳහා ප්‍රජාවේ නිරෝගීභාවය ආහාර සුරක්‍ෂතාව වැදගත් වේ. විජලනය කරනු ලබන නිෂ්පාදන මගින් වර්තමානයේ කාන්තා ව්‍යවසායිකාවන් බිහිකිරීම, ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද හැකියාව ලැබී තිබේ. අගය එකතු කිරීමේ නිෂ්පාදන රටාවට අනුවර්තනය වෙමින් කටයුතු කිරීමේදී ආර්ථිකයට ද යම් දායකත්වයක් සලසා දීමට අවස්ථාව ලැබී ඇත.
විජලනය සඳහා අවශ්‍ය පලතුරු පළා වර්ග හා එළවළු ආදිය ග්‍රාමීය ප්‍රදේශයෙන්ම සොයා ගත ගත හැකි වීම නිසා අවම මුදලකින් අමුද්‍රව්‍ය සපයාගත හැකිය. ආහාර කල් තබා ගැනීම නව තාක්ෂණික ක්‍රමවේදය තුළ සිදුවීමත් නිසා ව්‍යවසායකයන් ඇතිකිරීම කාන්තාවන් සවි බල ගැන්වීම, පරිසරහිතකාමී වීම, ඉතා හොඳ වෙළෙඳපොළක් සහ ඉහළ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකි වේ.
වෙළෙඳපොළ දැනුම අන්තර්ජාල ව්‍යාපාර පිළිබඳව දැනුම හා ඉලක්ක ප්‍රජාව හඳුනා ගැනීමෙන් නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව පවතී.
කර්මාන්තයක් ලෙස එළවළු හා පලතුරු විජලනය කිරීම යනු ආහාර සුරක්ෂිතතාවය සහ කල් තබා ගැනීමේ ක්‍රමයකි. මෙහිදී ජලය ඉවත් කිරීමෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වැළැක්වීම සිදුකරයි. මේ නිසා එළවළු සහ පලතුරුවල ගුණාත්මක බව හා රසය ආරක්ෂා කර ගැනීමට හැකි වේ.
නැවුම්, ඉදුණු සහ හොඳ තත්වයේ එළවළු සහ පලතුරු තෝරා ගැනීම, පාලනය කළ උෂ්ණත්වයකදී උඳුන් තුළ එළවළු සහ පලතුරු ඖෂධීය මල් වර්ග විජලනය කිරීම, වාතය ඇතුළු නොවන, තෙතමනයෙන් ආරක්ෂා වන ඇසුරුම්වල බහාලීම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා නිවැරදි ඇසුරුම්කරණය ඉතා වැදගත් වේ.
එළවළු, පලතුරු හා කොළ වර්ග විජලනය සිදුකරන යමුනා කුමාරි මහත්මිය මෙසේ කීවාය.
හීන් බෝවිටියා, කරපිංචා, මුරුංගා, කොස්, දෙල්, කොහිල, කරවිල, කෙසෙල් මුව, දෙහි, කරවිල. කැරට් වගේ එළවළුත් දොඩම්, අඹ, ගස් ලබු, අන්නාසි වැනි පලතුරුත් විජලනය කරලා අලෙවි කරන්න පුළුවන්. ඒවා බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. කාබනික වගාවලින් ගන්නා එළවළු පලතුරු තමයි මිලදී ගන්නේ. ටිකක් මහන්සි වෙන්න ඕනා. වෙළෙඳපොළේ වෙළෙඳාම අඩුයි. එහෙත් නාගරික ප්‍රජාව මෙම නිෂ්පාදන මිලදී ගන්නවා. කාර්යබහුල අයට පහසුවෙන් සකස්කර ගන්න පුළුවන්. කන්න භෝග හැමදාම නෑ. අමුද්‍රව්‍ය සොයා ගැනීමට අපහසු නෑ. කොස් වගේ නිෂ්පාදන අවුරුද්ද පුරාම තියෙනවා. විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගය දක්වා නිෂ්පාදන අරගෙන යන්න පුළුවන්.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, විදාතා සම්පත් මධ්‍යස්ථානය වැනි ආයතන වලින් පුහුණු ලබාගෙන තියෙනවා. දැනට රජයේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන් අපිට උදව් කරනවා. නිෂ්පාදන ධාරිතාව වැඩි වන විට උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවෙනවා. වෙළෙඳපොළ පැවතියත් අපි කරන නිෂ්පාදන ප්‍රමිතියට පිරිසුදුව පිළිවෙළට කරනවනම් වෙළෙඳපොළ හොයාගන්න අමාරු වෙන්නේ නෑ. ඉල්ලුම අනුව සැපයුම ලබාදීමට හැකියාවක් දැනට නැහැ.
නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පිරිසක් ඉන්නවා. ඔවුනුත් හොඳ ආදායම් මාර්ගයක් ලබනවා. එම අමුද්‍රව්‍ය සොයා ගැනීමට ඔවුන්ට විශාල මුදලක් යන්නේ නැහැ. මේ තුළින් වක්‍ර රැකියා අවස්ථා ද බිහි වී වෙනවා. අපි කරන නිෂ්පාදන ගැන වගකීම අපිට දරන්න පුළුවන්. අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී අතිරික්ත එළවළු සහ පලතුරු අපතේ යාම වළක්වා ගන්න පුළුවන්.
නිවැරදිව විජලනය කිරීමෙන් පෝෂණ ගුණය ආරක්ෂා කර ගත හැකියි. විජලනය කළ නිෂ්පාදන පහසුවෙන් අපනයනය කළ හැකි අතර විවිධ රසයන්ගෙන් යුත් විජලනය කළ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දිය හැකිය. විජලන යන්ත්‍ර සහ ඇසුරුම් උපකරණ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා.
නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම අවශ්‍යයි. වෙළෙඳපොළේ ඇති තරඟකාරීත්වය සමඟ සාර්ථකව මුහුණ දීමට නව උපාය මාර්ග අවශ්‍ය වෙනවා.
මීට අමතරව මම මිරිස් තුන පහ වැනි කුළු බඩුද නිෂ්පාදනය කරනවා. ඒ සඳහාත් හොඳ ඉල්ලුමක් තියෙනවා.
මෙහිදී අදහස් දක්වමින් ජීවනී දසනායක මහත්මිය මෙසේ කීවාය.
නිල් කටරොඩු, රෝස, වද මල් වැනි මල් වර්ග විජලනය කරලා තේ වර්ග නිෂ්පාදනය කරනවා. බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙන කුඩා කණ්ඩායම හදලා මල් වවනවා. මල් වවලා ඒ මල් මිලදී ගැනීමට කටයුතු කරනවා. අපිට මල් සපයන අය හැට දෙනෙක් විතර ඉන්නවා. එක ස්ථානයක ඒ අය වෙනුවෙන් විජලනය කර ගැනීමට මැෂින් එකක් තියලා තියෙනවා. අමු මල් කිලෝ දහයක් අවශ්‍ය වෙනවා එක වියළි මල් කිලෝ එකක් හදාගන්න. රුපියල් 3500ක් වගේ මිලකට අපි ඒ මල් මිලදී ගන්නවා. අපිට කිලෝ 50-60ක් විතර ලබා දෙනවා. අපිට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්.
නිල් කටරොඩු මල් වැවීම කිසිම වියදමක් යන දෙයක් නෙමෙයි. එයාලට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ලණුවක් කණුවක් අදින්න විතරයි තියෙන්නේ. මල් වගා කරන්නේ කාබනිකවයි. රසායනික ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදනයක්. මම online ක්‍රමයෙන් මගින් වෙළෙඳපොළට ලබා දෙනවා. ග්‍රාමී ජනතාව අතර මේ මල් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එහෙත් නාගරික ජනතාව අතර මෙම පානය ප්‍රචලිත කරන්න පුළුවන්. හොඳ මිලකටත් ලබාදීමේ හැකියාවක් තියෙනවා. අපි ගෙදර කට්ටිය එකතු වෙලා මේක කරගෙන යනවා. හතර දෙනෙක් තමයි මට සම්බන්ධ වෙලා උදව් කරන්නේ.
තේ පානයට අමතර පවුඩර් එකක් කරනවා. දැනට විදේශ රටවල් වලට අපි යවනවා. කිලෝ දෙසීයක් අලෙවි කර ගැනීමට හැකියාව තියෙනවා. රෝස මල් වැලිමඩ ප්‍රදේශයෙන් අපි මිලදී ගන්නවා. මල් වගාකරුවන්ටත් හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
මගේ නිෂ්පාදන විශ්වවිද්‍යාල ළමයි සහ වෙනත් ආයතනවලට සම්බන්ධ වෙලා වැඩ කරන අය විසින් අලෙවි කරනවා. මම 2023 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සාර්ථක ව්‍යවසායිකාවට හිමි ජනාධිපති සම්මානය ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එළවළු පලතුරු මල් විජලනයෙන් ගෘහස්ත කර්මාන්තයක්