වඩාත් ආකර්ෂණීය සමාගම්වල දර්ශකය වන එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා ඉකුත් සතියේ සිට දුර්වලවෙමින් පැවැති අතර, අද දිනයේ දී එම කාණ්ඩයට අයත් සමාගම්වල මිල දී ගැනීම් අඩුවුවහොත් දර්ශක අගය මෙතෙක් පැවැති හයදහසේ සීමාව අමතක කරමින් පසුබැසීමකට ලක් විය හැකිය.
ඉකුත් කාලයේ තරගකාරීව මිල දී ගත් කොටස් ලාබ සහිතව විකිණීමට ගන්නා උත්සාහය ඉදිරියේ වෙළෙඳපොළ උනන්දුව අඩුවෙමින් පවතී. විදේශ ආයෝජකයන්ගේ පැමිණීම ස්ථාවර නොවීම ද මෙයට සාධකයක් විය හැකිය. ඊයේ (සැප්. 03) ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 164 ක් වූ අතර, විකිණීම් රු. මිලියන 111 කි. එම ප්‍රවණතාව පසුගිය සතිවල තිබුණ අධි විකිණීම් ඉදිරියේ සැලකිය යුතු ස්වභාවයක් නොවේ.
අද දිනයේ ගනුදෙනුවල දී යම් ප්‍රමාණයක මිල දී ගැනීම් අපේක්ෂා කෙරේ. ඉසුරුමත් සමාගම්වල කොටස් විකිණීමේ ප්‍රවණතා පාලනය වන අතර, මිල දී ගැනීම් උත්සුක විය හැකි නමුත් සිකුරාදා වෙළෙඳපොළ නිවාඩුව සලකා බලා තව දුරටත් කොටස් ඉල්ලුම සීමාසහිත වන තත්වයක් ද පැවැතීමට ඉඩ තිබේ.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 03) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,975.73 ක් දක්වා පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 14.94 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,000.70 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 22.91 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.47 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,893 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 260.8 ක් විය. සමාගම් 135 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 123 කි. දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් මිලියන 57 ක් හුවමාරු වූ අතර, එය දිනයේ පිරිවැටුම සඳහා ඉහළම සහභාගීත්වයක් සේ දැක්විය හැකිය.
දංකොටුව පෝසිලේන් රු. මිලියන 1,195 ක්, එල්වී එනර්ජි රු. මිලියන 310 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 234 ක්, සියෙරා රු. මිලියන 156 ක් අාදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය තවත් පිරිහෙන අවදානමක