භානුක අමරසිංහ
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. ඊට අදාළ අනුමැතිය සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ලබාදී තිබේ. ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ජ්‍යෙෂ්ඨ සමාජ බැඳුම්කර නිකුතුවක් ලෙස මෙය සිදු කිරීම සැලසුම වී තිබේ.
කෙසේ වෙතත් මෙම නිකුතුව සඳහා අදාළ සියලුම නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි සමාගම පවසයි. මෙම කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කෙරෙන සමාජ බැඳුම්කර ස්ථාවර ආදායම් මූල්‍ය උපකරණයක් ලෙස සැලකෙන අතර, එයින් ලැබෙන ආදායම සමාජ ගැටලු විසඳීම සහ ධනාත්මක සමාජ බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යපෘති සදහා මූල්‍යයනය හෝ ප්‍රතිමූල්‍යයනය සඳහා පමණක් යොදා ගැනීම සිදු කරයි. එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි සමාගම මීට පෙර රුපියල් බිලියන 1ක් වටිනා හරිත බැඳුම්කරයක්ද කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කළේය. ඊට අධිදායකත්වයක් හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd