IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක්ස්ටර්මිනේටර්ස් ව්‍යාපාරය තවත් දිස්ත්‍රික්ක 14කට

භානුක අමරසිංහ

මෙරට පලිබෝධ කළමනාකරණ සේවා සම්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම යටතේ රට පුරා දිස්ත්‍රික්ක 14ක වරලත් සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව පවසයි.

ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන පළාත් තුළ මෙන්ම රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඇතුළු එම දිස්ත්‍රික්කවල නවීනතම තාක්ෂණයෙන් යුත් ඩිජිටල් පලිබෝධ කළමනාකරණ පද්ධති සහිතව මෙම සේවා ස්ථාන පිහිටුවන බව සමාගම පවසයි.

අද වනවිට මෙරට තුළ ඩිජිටල් පලිබෝධ කළමනාකරණ සහ පාරිසරික වැඩිදියුණු තාක්ෂණය භාවිත කරන ප්‍රමුඛතම නවෝත්පාදකයකු ලෙස සිය සමාගම සැලකෙන බව එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. මෙහිදී එම සමාගම බ්‍රිතාන්‍යයේ Sentario UK Limited සමගින් තාක්ෂණික හවුල්කාරීත්වයකද, නෙදර්ලන්තයේ Pest Scan BV  සහ ජර්මනියේ Futura GMBH  සමගින් ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වයත් යටතේ මෙලෙස දිස්ත්‍රික්ක 14ක් තුළ ඩිජිටල් පලිබෝධ කළමනාකරණ වරලත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පවසයි.



අදහස් (0)

එක්ස්ටර්මිනේටර්ස් ව්‍යාපාරය තවත් දිස්ත්‍රික්ක 14කට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site