ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට උද්ධමනය පහළ යන නැඹුරුවක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටි. මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එසේ කියයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙසේ පස්වැනි මසටත් පහළ ගොස් තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත පසුගිය පෙබරවාරි මාසයේදී පෙබරවාරි මාසයේදී උද්ධමනය සියයට 3.2ක් වී තිබේ. ඊට සාපේක්ෂව 2016 වසරේ අප්‍රේල් මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 2.2ක් දක්වා මේ වසරේ මාර්තු මාසයේදී උද්ධමනය පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා වූ සියයට 7.2 සිට මේ වසරේ මාර්තු මාසයේදී සියයට 6.7ක් දක්වා පහළ ගොස් තිබෙන අතර එහි මූලික වෙනස පෙබරවාරි මාසයේ පැවැති සියයට 4.1ක සිට පහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
055
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
උද්ධමනය පහළට - මහ බැංකුව
Bamunuarachchi Tuesday, 24 April 2018 08:00 AM
උද්ධමනය පහළ යන නැඹුරුවක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටි. හලෝ නොම්මර වලින් පහල ගියාට බඩුමිල අඩුවී නැත. බදු බර වැඩිවීම නිසා අපට ජීවන බර උසුලා ගන්න බැරිය. ඕගොල්ලන්ගේ අර්ථශාස්ත්‍ර අර්ථ දැක්වීම් වලින් අපට සතේක ප්‍රයෝජනයක් නැත. අපට උවමනා උද්ධමනයට හේතු වූ බඩුමිල ඉහල යාම් නැවත පහලට දමා රටට ණය නොවී ජීවත් වීමට සැලැස්වීමයි.