යොහාන් භාසුර
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයට පහළින් ඇති බවත් ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ දක්වා ඇති උද්ධමන ඉලක්ක එම ගිවිසුමේ දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් එක ළඟ කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට නොහැකි වුවහොත් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් පසුගිය වසරේ (2024) දෙවැනි සහ තුන්වැනි කාර්තුවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පිළිවෙළින් සියයට 1.4 ක් සහ 0.8 ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එම වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ඡා කළ බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ