IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උත්සව සමය වෙනුවෙන් හමීඩියා නව විලාසිතා එකතුවක් එළිදක්වයි

හමීඩියා ආයතනය, 75 වසරක අභිමානවත් විලාසිතා උරුමය සමරමින් මෙම උත්සව සමය සඳහා, “Celebrating Heritage” (උරුමය සමරමු), සංකල්පය යටතේ  නව විලාසිතා මාලාවක් එළිදැක්වීය. නූතන විලාසිතා අවශ්‍යතා උදෙසා මනාව ගැළපෙන වර්ණ සහ රටාවලින් සපිරි මෙම ඇඟලුම් එකතුව ශ්‍රී ලාංකික සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ අපේ උරුමයේ චමත්කාරය ද පිළිබිඹු වන අයුරින් නිර්මාණ කර තිබේ.

උසස් තත්වයේ රෙදිපිළි, නවීන විලාසිතා සහ ඇඳුම් මැසීමේ වෘත්තීය නිපුණත්වය හරහා අපේ සංස්කෘතික චමත්කාරය නිරූපණය වන අයුරින් නිර්මාණය කර ඇති මෙම උත්සව ඇඳුම් විලාසිතා පෙළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ උණුසුම්බව, එකමුතුව, සතුට, සමාජීය ඒකාත්මිකතාව ද පිළිබිඹු කරයි- මෙම උත්සව සමයේ තමන්ගේ පෞරුෂත්වය එළිදක්වමින් සංස්කෘතික උරුමයන් සැමරීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට මෙම ඇඳුම් විලාසිතා එකතුව මනාව ගැළපෙයි.

හමීඩියා විසින් නවීනත්වය මුසු වූ සාම්ප්‍රදායික හැඩතල සහිත ඇඳුම්වලට කැමති කාන්තාවන් වෙනුවෙන් HUSN නමින් නව විලාසිතා සන්නාමයක් ද එළිදක්වා තිබේ. ශල්වාර්, කුර්ති, ඉන්දු-බටහිර ඇඳුම්, දුපට්ටා, පශ්මීනා, සිල්ක් හිජාබ් සහ සම්ප්‍රදායික ආභරණ නිර්මාණ පෙළක් මෙයට ඇතුළත් වෙයි. නවීනත්වය සහ සාම්ප්‍රදායික හැඩතල වල එකතුවක් වූ HUSN සාම්ප්‍රදායිකබව සහ නවීනත්වයේ එකතුවකට කැමැති කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය වී ඇත.

හමීඩියා හී කළමනාකාර අධ්‍යක්ෂක ෆවුසුල් හමීඩ් මහතා මේ සුවිශේෂී අවස්ථාවේ දී මෙසේ සිය අදහස් දැක්වීය. “හමීඩියා අපි වසර 75ක උරුමය සමරමින් මෙම උත්සව සමය සඳහා නව විලාසිතා එකතුවක් එළිදැක්වූවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය අපේ සම්ප්‍රදායන් අර්ථවත්ව සමරමින් බැදීම් අලුත් කර ගත හැකි කාලයක්. අප විසින් එළිදැක්වූ මෙම ඇඳුම් විලාසිතා එකතුව මගින් අපගේ සම්ප්‍රදායන්ගේ හැඩතල මතු කරයි කියලා මම විශ්වාස කරනවා.”

 



අදහස් (0)

උත්සව සමය වෙනුවෙන් හමීඩියා නව විලාසිතා එකතුවක් එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site