(බිඟුන් මේනක ගමගේ )
උතුරු පළාතේ තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15ක් පිහිටුවන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
දැනට මාසිකව තල් කෙඳි ටොන් 50 ක් ආනයනය කරන්නේ යැයි ද මෙම මධ්‍යස්ථාන මගින් එම ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ද තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමට නියමිතය.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා මෙහි මූලික පියවරක් වශයෙන් තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පසුගිය දා විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල කෙඳි විතරද? අප්පා ඇයි තල් රා, තල් හකුරු, තල් අල, තල් සූකිරි, තල් කුරුම්බා හරිම රස දේවල්...
ඇත්තෙන්ම පමාවෙලා වුණත් මේ නම් හොඳ තීරණයක්... අප විශ්වාස කරනවා මෙමගින් ඒ අයගේද ජීවන තත්වය ඉහළට ගෙන යා හැකි බව...
ඔන්න ඕව තමයි කලයුතු වැඩ. උතුරේ ඉන්න සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම රටේම වගකීමක්. කලයුත්තේ ඔවුන් ජාතිවාදයෙන් ගිනිතබමින් තමන්ගේ බඩ රැකගන්නා ජඩ දෙස්පාලුවන්ගේන් ඔවුන් මුදාගෙන ශ්‍රී ලංකා රජය අපි කාගේත් රජය බවත් ඔවුන් අපේම සමාන පුරවැසියන් බවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට වැටහෙන පරිදි කටයුතු කිරීමයි. ජාතික ප්‍රශ්නයට විසඳුමත් ඒකයි.