IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩරට එළවළු වගාවේ අර්බුදය

වැලිමඩ කේ. ආර්. රාජමන්ත්‍රි


එළවළු වගාවලට අවශ්‍ය බිජ වර්ග රසායනික පොහොර හා කෘමිනාශකවලට වැයවන මුදල දිනෙන් දින ඉහළ යමින් පවතී. එම යෙදවුම් ප්‍රමිතියෙන් තොරවිම නිසා වගා වර්ධනය නොවීමෙන් අස්වනු අඩු වී ඉහළ මිලක් පවතින සමයේදිවත් තමන්ට ආර්ථික වාසියක් අත් නොවන බව බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු ගොවියෝ පවසති.

විවිධ පෞද්ගලික සමාගම් බිජඅර්තාපල් ඇතුළු එළවළු බිජ වර්ග හා වගාවලට අවශ්‍ය රසායනික පොහොර බෙහෙත් වර්ග ආනයන කිරීමට පිවිසීමත් සමග වසරින් වසර ප්‍රමිතියෙන්තොර බිජ අර්තාපල් හා එළවළු බිජ වර්ග හා වගා යෙදවුම් වෙළඳපොළේ බහුල වුවත් මේ නිසා ගොවියන් මෙන්ම තමන්ද දැඩි අසිරුවකට මුහුණදී ඇතැයි බදුල්ල දිස්ත්‍රික්කයේ බීජ හා පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය අලෙවිකරුවෝද පවසති.

එළවළු වගාවට යොදන රසායනික පොහොර කිලෝ 50ක්ද රුපියල් 75,000 ක් 11,000ක් වැනි මුලකි. එසේම වගාවේ රෝග හා පළිබෝධ නාශන රසායනික බෙහෙත් මිලත් ඉතා ඉහළ තලයක පවතින බව ගොවියෝ පවසති. මෙතරම් අධික මුදලක් වැයකරමින් කරන අර්තාපල් ඇතුළු එළවළු වගා විවිධ රෝග වලට ගොදුරු වීමෙන් අස්වනු අඩු වීමත් සමග අලෙවියේදී නිසි මිලක් නොලැබීමෙන් තමන් විශාල ආර්ථික ගැටලු‍වකට මුහුණ දිසිටින බව වැලිමඩ සානුවේ අර්තාපල් හා එළවළු ගොවීහු පවසති.

වැලිමඩ නගරයේ බීජ අර්තාපල් හා එළවළු බිජ රසායනික පොහොර අලෙවිකරුවන් පවසන්නේ 24/25 වගාකන්නයට ආනයනය කළ බිජ අර්තාපල් ඉල්ලු‍ම පෙර වසරේ මහ කන්නවලට සමගාමිව සියයට 40 කින් අඩුව තිබෙන බවයි. එසේම අනෙක් එළවළු බිජ වර්ග හා රසායනික පොහොර හා රසායනික කෘමිනාශක මිළ ඉහළ යැම නිසා ගොවින් අනෙක් එළවළු වගාද අවම තත්වයෙන් කිරීමට යොමු වී තිබීමෙන් අදායමද පහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයන් පවසති.

 

වැලිමඩ බෝගහකුඹුර ගැටලු‍ගම පදිංචි ඊ. ඇම්. ප්‍රේමාවතී ගොවි මහත්මිය මෙසේ පැවසුවාය.

අපි පාරම්පරික එළවළු වගාව කළා. එහෙත් බෝංචි ඇතුළු එළවළු වගාව විවිධ වයිරස් රෝග වලට ගොදුරුවීමෙන් වගා වියදම ඉහළ ගියත් අස්වනු අඩුවීම හා වෙළෙදපොළේ නිසි මිලක් නොමැතිවීමෙන් දැඩි ආර්ථික පීඩාකට මුහුණ දුන්නා. මෙයට විසඳුමක් ලෙසින් අපේ යායේ ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව කෘෂි නවීකරණ වැඩ සටහන යටතේ බෝංචි ඇතුළු එළවළු වගාව කරනවා. ඒ අනුව මම කෘෂි නවිකරණ යටතේ අක්කර කාලක බෝංචී වගාවක් කළා. බෝංචි වගාවට රසායනික දියර පොහොර යෙදුවත් වගාව වර්ධනය වෙන්නේ නැතිව ගියා. එනිසා වගා වර්ධනය උදෙසා දියර පොහොර ප්‍රමාණය වැඩිකළත් නිසි ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. 

වෙළෙඳපොළේ වගා වියදමට සරිලන මිලකට අස්වනු අලෙවිකර ගැනිමට හැකියාවක් නෑ. එනිසා තරුණයන් අර්තාපල් හා එළවළු ගොවිතැනින් ඉවත් වෙනවා. මේ නිසා ඉදිරියේදි දේශීය අර්තාපල් වෙනුවට විදෙස් අර්තාපල් වෙළෙදපොළේ බහුලවේවි. වෙළදපොළේ එළවළු ද හිඟවේවි. ඒ අනුව එළවළු මිල පාරිභෝගිකයාට දරාගත නොහැති තත්වයක් උදා වෙයි. ප්‍රමිතියෙන් තොර බිජ හා රසායනික පොහොර නිෂ්පාදනයට වැට බැඳීමට පියවර ගන්නා ලෙසත් ප්‍රමිතියෙන් යුතු බිජ හා වගා යෙදවුම් ගොවින්ට සධාරණ මිලකට ලබා දිමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා. 

 

බෝගහකුඹුර ගැටලගමුව පදිංචි ඇන්. එම්. ජයසේකර ගොවි මහතා මෙසේ පැවසීය.

අපි පාරම්පරික එළවළු ගොවියෝ. දැනට වසර කිහිපකට පෙර එළවළු වගා වියදම අඩු නිසා ලැබෙන අදායමේ අඩුවක් පැවතුනත් එය අපේ ජිවිතවලට එතරම්ම බරපතළ ගැටලුවක් වුණේ නැහැ. එදා සියගාණකට තිබුණ බිජ ඇතුළු අත්‍යවශ්‍ය යෙදවුම් අද වන විට දහස් ගාණකින් මිල ඉහළ ගිහිල්ලා. ඒවත් තත්වයෙන් බාලයි. මේ නිසා වගා අස්වනු ප්‍රමාණය අඩුයි. ප්‍රමිතියෙන් තොර එළවළු අස් වැන්නක් නිසා විකුණා ගැනීමේ ගැටලු‍වකුත් මතු වෙනවා.

ගැටලගමුවේ කුඹුරුවල ගොවියෝ නව කෘෂි තාක්ෂණය භාවිතකරමින් එළවළු වගාව කරනවා. මමත් එම වගා ක්‍රමයට අක්කර කාලක බෝංචි වගා කළා. වගා බිම පොලිතින් (ඉටිරෙදි) වැසීම ඇතුළු වගාවියදම රුපියල් එක් ලක්ෂ පනස්දහසක් පමණ වැයවුණා. මම මෙම නව වගා ක්‍රමය භාවිත කළේ රුපියල් ලක්ෂ 10ක් වැනි මුදලක් උපයා ගන්න. එහෙත් බෝංචි වගාව නිසි වර්ධනයක් නොමැති වීමෙන් අස්වනු නොසිතු ලෙස අඩු වෙලා. මේ තත්වය යටතේ වගාවට වියදම්කළ මුදලවත් උපයා ගන්න බැරිවේවි. මේ පිළිබඳව බෝගහකුඹුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි පර්‌යේෂණ නිලධාරිනියද දැනුවත් කළා. පොහොර සමාගම් ගොවියාට කරන අපරාධය පිළිබඳව වහාම සොයාබලා යම් සාධාරණයක් කරන්න කියා රජයෙන් ඉල්ලා සිටිනවා.

 

බෝගහකුඹුර ගැටලගමුව පදිංචි ආර්. ඇම්. රෝහණ රාමනායක මහතා මෙසේ පැවසීය. 

අතිතයේදී ගොවියා මඩ සෝදාගත් කළ රජකමට සුදුසුයි කියා තිබුණා. එහෙත් අද වනවිට ගොවියා සිඟන්නාටත් අන්ත අසරණයෙකි. ගොවියා දිවා රෑ නොබලා තම අතේ තිබෙන මුදල හෝ ණයට ගත් මුදල් වැයකර වගා කළත් විවිධ ගැටලු‍ මැද නිෂ්පාදනය අඩුවීම හා වෙළෙඳපොළ මිල කඩා වැටිම යන කාරණා නිසා ආර්ථික පිඩාවට පත්වෙලා.

අතිතයේ අර්තාපල් ඇතුළු එළවළු වගාවෙන් ගොවියාගේ අතමිට සරුකරනෙ ඉහළ ජිවන තත්වයක් ගත කළා. එවන් ගොවියන් අද වනවිට වගා වියදම ඉහළ යෑම, නිසි අස් වැන්නක් හා නිසි මිලක් නොමැතිකම සහ අධික වර්ෂාවෙන් අස්වනු කුණුවී විනාශ වෙනවා. මෙයින් දැඩි පිඩාවට පත්ව සිටින්නේ අර්තාපල් ගොවින් බව කියන්නම ඕන. මෙම වර්ෂයේ (24/25) මහා කන්නයේ කඳු ආශ්‍රිතව බිජ අර්තාපල් වගාව සියයට 60ක් කළත් පැවති අධික වැස්ස හා විවිධ රෝගවලට ලක්වුණා. මේනිසා එම ප්‍රමාණය සියයට 50ක් දක්වා පහත වැටිලා.

බෝංචි වගාවකට අවස්ථා කිහිපයකදිම රසායනික පොහොර හා රසායනික කෘමිනාශක යෙදිමට සිදුවේ. අක්කර කාලක බෝංචි වගාවක් කිරීමට රුපියල් 30,000ක් පමණ වැයවේ. දිලිර නාශක රුපියල් 1000 සිට 5000ක් අතර මිලකි. අතිරේක වියදම් රාශියක්ද පවතිනවා. මම කැරට්, බීට්, ගෝවා ඇතුළු එළවළු භෝග වර්ග කිහිපයක්ම වගා කළා. රසායනික පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තු උපදෙස්වලට අනුව භාවිත කළා. ඒත් වගාවෙන් නිසි අදායමක් උපයා ගන්නයි. වෙළෙද පොළේ කැරට් කිලෝවක් රුපියල් 800ට ඉහළ ගියත් ගොවියාට ලැබෙන අදායම වියදම් පියවා ගැනිමටවත් ප්‍රමාණවත් නැහැ. බීට් වගාවේ තත්වයත් එයයි.

අපිත් රජයෙන් ඉල්ලන්නේ ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු බිජ වර්ග හා ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර බෙහෙත් සාධාරණ මිලකට දෙන්න කියලයි. එය හැමෝටම වාසිදායකයි.



අදහස් (0)

උඩරට එළවළු වගාවේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site