ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ සන්ධ්‍යාව වනවිට ඩොලර් 74.23ක් දක්වා ඩොලර් 4.87 කින් එනම් සියයට 7.02 කින් ඉහළ ගොස් තිබුණි.
එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.98ක් දක්වා ඩොලර් 4.94 කින් එනම් සියයට 7.26කින් ඉහළ නැග තිබේ. පෙරේදා රාත්‍රියේදී දෙරටම එල්ල කරගත් මිසයිල ප්‍රහාර මාලාවත් සමගින්ම තත්වය වඩාත් දරුණු වී තිබේ. මෙම ගැටුම් තවදුරටත් පැවතියහොත් බොරතෙල් මිල තවත් ඉහළ යා හැකි බවටද අනතුරු ඇඟවී ඇත. ලෝකයේ බොරතෙල් සංචිතයෙන් සියයට 9ක් ඉරානය සතුව පවතින බව සදහන් වෙයි. එසේම ලොව ප්‍රධානතම බොරතෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවටද ඉරානය තර්ජනය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායල - ඉරාන ගැටුමෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට