භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊබී ක්‍රීසි සහ සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10ක් සඳහාම අලුතින් එක් කොටසක් බැගින් නිකුත් කරන බව සමාගමේ සැලසුම වී තිබේ.
මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 25,354,580 කි. එක් කොටසක් රුපියල් 60 බැගින් නිකුත් කෙරෙන අතර, මෙම හිමිකම් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.52ක් (රුපියල් 1,521,274,800 ක්) වෙයි. සමාගම සතු ණය ආපසු ගෙවීමට සහ සිය පරිපාලිත සමාගමක් වන ඩාර්ලි බට්ලර් සහ සමාගම වෙත සිදු කරන ආයෝජන වෙනුවෙන් මෙම මුදල් යොදා ගන්නා බව සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd