කොටස් මිල දී ගැනීම සඳහා දිනයේ ආරම්භයේ පැවැති ප්‍රවණතා මැද භාගයේ දී පහත වැටුණ නමුත් ඉකුත් සිකුරාදා ගනුදෙන් අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේය. පසුගිය මාසය තුළ කොටස් වෙළෙඳ පොළ හැසිරීම සලකා බලන පසු ජනවාරි 02 සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,348ක සිට ජනවාරි 31 අවසන් වන විට දර්ශක 17,122 දක්වා වර්ධනයක් වාර්තා වී තිබේ.
සති පනස් දෙකක් තුළ සියයට 64.88 ක වර්ධනයක් සිදු වී ඇත. කෙසේ වෙතත් ජනවාරි 03 වැනි දා සිට 20 වැනි දා දක්වා කාලය තුළ මාසයේ ආරම්භයට වඩා අඩු මට්ටමක දර්ශක පවැති බව සඳහන් කළ හැකිය. ජනවාරි මාසය පුරා විදේශ විකිණීම් බහුල වූ අතර අවසානයේ දී ඉකුත් සිකුරාදා පවා රුපියල් මිලියන 406 ක විදේශ ශුද්ධ විකිණීම් වාර්තා කර තිබුණි.
ජනවාරි 31 දා ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,122.73 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 07.52 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,114.35 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 12.03 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. වැඩිම පිරිවැටුමක් හිමි සාර්ථක සමාගම් සඳහා ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම දුබල වු බව දැක්විය හැකිය.
ඉදිකිරීම් අංශයේ සමාගම් සඳහා යම් ප්‍රමාණයක ඉල්ලුමක් තිබුණි. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.15 වූ අතර දිනය අවසානයේ දී ගනුදෙනු 31,934ක් සිදුවී තිබේ. පිරිවැටුම හා ගනුදෙනු ප්‍රමාණය කලින් දිනයට වඩා අඩු තත්වයකි. කොපරේටිව් ඉන්ෂුවරන්ස් රුපියල් 3.50 දක්වා සියයට 5.41 කින්, කැලණි වැලි වැවිලි රුපියල් 92.60 දක්වා සියයට 5.22 කින්, ඩිජිටල් මොබයිල් රුපියල් 75.20දක්වා සියයට 4.81 කින්, එල්.ඕ.එල් සී. ඉන්ෂුවරස්න් රුපියල් 9.60 දක්වා සියයට 4.0 කින් හා ක්‍රිස්වර්ල්ඩ් රුපියල් 13.10 දක්වා සියයට 3.68 කින් කොටස් මිල ප්‍රතිශතයක් වශයෙන් වැඩිම පහත වැටීමක් වාර්තා වී තිබුණි.
එස්.එම්.බී. ෆයිනෑන්ස් රුපියල් 00.30 දක්වා සියයට 50 කින්, සොෆ්ට්ලොජික් හෝලිඩිං රුපියල් 8.60දක්වා සියයට 22.86 කින්, කොලම්බු පෝට් ලෑන්ඞ් රු. 67.50 දක්වා සියයට 20.75 කින්, රෝණුකා සිටි හොටෙල් රුපියල් 529.50 දක්වා සියයට 13.50 කින් සහ ඊ. බී. ක්‍රීසි රුපියල් 36.10 දක්වා සියයට 11.76 කින් යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ මාසයක්