( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබුණද දිස්ත්‍රික්කයේම අස්වැන්න එකවර ලැබිත් සමඟ මිල සිඝ්‍රයෙන් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.
වසර ගණනාවකට පසු මෙවර ඉතා සාර්ථක අස්වැන්නක් ඉස්සන් වගාකරුවෝ හිමිකර ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , අරච්චිකට්ටුව, මුන්දලම, පුත්තලම, කල්පිටිය,යන කලාප පහ තුළ ඉස්සන් වගාව ආරම්භ කිරිම නිසා මෙම ඉස්සන් මිල පහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.
මේ නිසා රටට ලැබිය යුතුව තිබු විශාල විදේශ විනිමයක් වගකිව යුතු බළධාරින්ගේ නිසි කළමණාකරණයක් නොමැති විම නිසා අහිමි කර ඇති බවද ඔවුහු චෝදනා කරති.
මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කරන කලාප පහ තුළම ඉස්සන් වගා කර ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් තුළ දි වැඩිම අස්වැන්නක් මෙවර ලැබි ඇති බවත් එය මෙට්‍රක් ටොන් 600 කට ආසන්න විය හැකි බවද වගාකරුවෝ කියති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොකුණු තුළ වගාකරන කරදිය ඉස්සන් සදහා වැඩි ඉල්ලුමක් ජපානය , ඇමෙරිකාව , ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් ඇති අතර මෙවර දේශිය මෙන්ම විදේශිය වෙළෙඳපොල ද අහිමිව ගොස් ඇතැයි ඔවුහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික අපට මේක හොඳ ආරංචියක් , ඉස්සෝ වැඩියෙන් නිෂ්පාදනය කරලා නම් මිල අඩු කරන්න එතකොට පාරිභෝගිකයෝ වැඩියෙන් මිලයට ගනීවි ,එතකොට ගොවියාට පාඩුවක් වෙන්නේ නැහැ , ඉස්සෝ කකුළුවෝ පොකිරිස්සෝ වැනි මත්ෂ්‍යයන්ගේ මිල කලාපයේ අනිකුත් රටවල් එක්ක සන්සන්ධනය කරන කොට අපේ රටේ මිල ඉතාම වැඩිය
රට ඇතුලේ නම් ඉස්සෝ මිල අඩුවෙලා නැහැ . අතරමැදියෝ ඒකෙන් වාසි ගන්නවා. පාරිබෝගිකයට හැමදාම එකම මිල. මිල වැඩි උනොත් නම් ඒක පාරිබෝගිකයගෙන් අල්ලනවා.
සාමාන්‍ය ජනතාවට නම් ඉස්සෙක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඔය වෙඩින් එකකට ගියොත් හෝටලයකින් තමයි. මොකද මිල වැඩි නිසා
දැන් සිල්ලර ඉස්සෝ මිල අවමය රු 1200. අතරමැදියා හැමදාම ගසා කන්නේ. එළවලු වලටත් මේකම තමා.
දකුණට එවන්න මෙහෙ මිල රු 1000 ට වැඩියි. ජංගම රථ වලින් අඩුවට අලෙවි කරන්න.
ඒ වුණාට අපි ගන්න මිල අඩු වෙලා නැහැනේ??