IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉසුරු ගුණසේකරට Asia Miracle හා Pinnacle සම්මාන

මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමග සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය.
 ඔහු එම පාඨමාලාව සම්පූර්ණ කළේ කණ්ඩායමේ විශිෂ්ටතමයාට හිමි සහතිකයද හිමි කර ගනිමිනි. එලෙස පාඨමාලාව අවසන් කළ ඔහු කුරුණෑගල පිහිටි ප්‍රමුඛ පෙළේ තාක්ෂණ පුහුණු ආයතනයකට මෝටර් රථ විදුලි තාක්ෂණ උපදේශකයකු ලෙස සම්බන්ධ විය.
වර්තමානයේ ‘Isuru Gunasekara Automobile’ නමින් ෆෙස්බුක්, යූටියුබ් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය නාලිකා නිර්මාණය කර ඇති ඔහු රට පුරා පිහිටි වෘත්තීය සහ තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානවල සිසුන් සහ පුහුණුකරුවන් අතර ජනප්‍රියත්වයක් දිනා තිබේ. ඔහු සිය සමාජ මාධ්‍ය නාලිකා හරහා මෝටර් රථ සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් පැතිකඩ පිළිබඳ වඩාත් යාවත්කාලීන තොරතුරු සමාජගත කරයි. මෙරට පමණක් නොව ලොව පුරා සිටින විශාල පිරිසක් ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකාවල අන්තර්ගත සටහන්, වීඩියෝ පාඩම් සහ සාකච්ඡා පරිශීලනය කරමින් සිය දැනුම සහ අත්දැකීම් ඉහළ නංවා ගනිති. වර්තමානයේදී ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමකට අනුබද්ධ අධ්‍යාපන ආයතනයක මෝටර් රථ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරන ඔහු ඕනෑම අයකුට අවශ්‍ය දැනුම ලැබීමට උපකාර වන ඉගැනුම් කළමනාකරණ පද්ධතියක්ද (LMS) නිර්මාණය කර තිබේ. ලොව පුරා සිටින ඕනෑම අයෙකුට එම පද්ධතියට ප්‍රවේශ වී මෝටර් රථ පිළිබඳ වඩාත් යාවත්කාලීන වූ තොරතුරු සහ දැනුම ගත හැකිය.



අදහස් (0)

ඉසුරු ගුණසේකරට Asia Miracle හා Pinnacle සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site