ඉරාකයේ ඉදිකිරිම් අංශයේ දූත පිරිසක් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වින.
එහිදී ඉරාකය හා ද්විපාර්ශවීය සබදතා තර කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කෙරුණි.
ඉරාකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවෙන් ගතහැකි සහයන් බොහෝ ඇතැයි මෙහිදී සදහන් වුනි.
ඉරාක දූත පිරිසට නායකත්වය සැපැයූයේ එරට කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය නසාර් අල් රුබායි මහතාය. ඉරාකය හා යළිත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කර ගැනීමට පෙරට පැමිණීම ගැන ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතියද පුද කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්මිත්, ඒ වගේ කතා කරනවට මම කැමතියි. ඔයා බැදලද? (නි)
බොහොම ආදරයෙන් කරුණාවෙන් මම කියන්නේ ජනාදිපති තුමා ඒ අයත් එක්ක කතා කලට කමක් නැහැ ඉරාක යන්න හදන්න එපා මොකද ඔය ලොකු ලොක්කෝ මොකක් කිවුත් තවම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා නැහැ .ආණ්ඩුවට ඕනේ ඔබේ ජීවිතේ අවදානමකට ලක්කරලා හරි විදෙස විනිමය .මම මේ ගැන කුව්වෙඉත් සිට ඉරාක වලට භාණ්ඩ ප්‍රවාහනය කරන මගේ මිතුරෙකුගෙන් විස්තර දනගත්තා ඉන්දියවෙන්වත් බන්ගලදෙසෙන්වත් පකිස්තනෙන්වත් තවම තීරණය කරලා නැහැ ශ්‍රමිකයන් ඉරාක වලට රැකියා සදහා යොමුකරන්න ඒ අතින් අපේ මිනිස්සු හරිම අමානුසුකඊ ඒ තීරණය ගැන නැවත වග කිව උතු රජයක් විදිහට සලක බැලිය යුතුඉ ..අපිට කරන්න පුළුවන් අපි දන්නා දේ ගැන දැනුවත් කරන එක විතරි මැරෙන්න ඕනේ නම් යන්න (අ)
යන්තම් ඇති බන්දුල පෙරේරා ඇත්ත ලියල තියනවා ..පාලකයන්ට කඩේ යන ගොයියනේ ... (අ)
ඉරාකේ එන්න, බය වෙන්න එපා. මෙහෙ ආරක්ෂාව තිබෙනවා. අපිත් ඉන්නේ ඉරාක් වල.මෙහෙ අවම පඩිය ඩොලර් 500ක් ගන්න පුළුවන්.එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න.මෙහෙ සිංහල ,මුස්ලිම් ,දෙමල කිසි බේදයක් නැහැ. (නි)
යන අය කවුරු වුණත් ඒ අයගේ ආරක්ෂාව ගැන ඇත්ත සහතිකයක් තියෙන්න ඕනෑ.තවමත් ඉරාකය අනාරක්ෂිත රටක්.එහෙ පිපිරෙන බෝම්බ නැවතුනොත් ගොඩ දෙනෙක් රැකියාවට යයි..... (නි)
උණ ගස් ටික ඉවර කරන්න වැඩක්ද? (නි)
ලංකාවේ ඉදිකිරීම් වැඩට චිනය (අ)
ඕමාර් අන්සාර් , සිංහල ගොඩක් මැද්දේ එක මුසල්මානුවෙක්ට කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්.එහෙත් මුසල්මානුවන් ගොඩක් මැද්දේ එක සිංහලයෙක්ට ඉන්න පුළුවන්ද? (නි)
රසිකා, අන්න වගන්තිය.... (නි)
ගනුෂ්ක මහත්මයා මට ඔයාගේ ඊ-මේල් එක එවන්න. මටත් ආසයි ජොබ් එකකට ඇප්ලයි කරන්න.(නදී)
ඉරාකය කියන්නේ හොදම රටක්. මම බිරිද සමග මෙහෙ ජීවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙනෙක්.හොද ආරක්ෂාවක් තිබෙනවා. භය නැතුව එන්න. නමුත් දකුණු ඉරාක් වලට නම් එන්න එපා. (නි)
නුවන් මහත්මයා මට ඔහේ ප්‍රමාණ සමීක්ෂණ රැකියා තියනවද ?කරුණාකරලා මට ලින්ක් එකක් එවන්න.(නදී)
නිහාල් මහත්තයා, තියෙනවා තුනේ හයේ වළවල් කපන්න නම් රැකියාවක් (නි)
රසික,පිටිගල,සිංහල කොල්ලෝ වටකරගෙන මුස්ලිම් එක කොල්ලෙක්ට ඉන්න පුළුවන්,වගේම මුස්ලිම් කොල්ලෝ වට කරගෙන එක සිංහල කොල්ලෙක් එක්කත් අපි ඉදලා තියෙනවා අනන්තවත්.අපේ හැගීම් තමයි අපිව ජාතිවාදීව හිතන්න පුරුදු කරන්නේ. ඒ මිසක් අපේ ආගම නෙමෙයි.ඔබ දෙපලට ඉන්න අමාරු ඔබලාගේ ජාතිවාදී හැගීම් නිසා පමණයි! (නි)
ලොකු රටවල් එකතු වෙලා ගහලා ඉරාකය විනාශ කළා, පස්සේ හදලා දෙන්නම් කියලා. අද ලංකාවෙන් යන්න ඕනෑ ඒවා හදන්න (නි)
දිසානායක,මම බැදලා අවුරුදු 27ක් වෙනවා,මගේ ළමයිනුත් බැදලා. (නි)
අස්මිත් මම ඔයාලට අදරෙයි. මගේ පාසල් වයසේ එකම මිතුරා මුස්ලිම්. අපේ අවුරුදු වලටත් ඔයාලගේ උපවාසේ කාලෙත් අපි දෙන්න හිටියේ ඒ ඒ උත්සව තියන තැන වල. අපිට ජාතිවාදී වෙනසක් දැනුනේ නැහැ කාලයත් එක්ක ලෝකය දකින්න කියවන්න ලැබෙනකොට යම්යම් කලකිරීම් ඇති උනා. අස්මිත් මේ සිංහල රට අපිට මේක නැති උනොත් අපි කොහෙද යන්නේ. ලෝකේ ඕන තරම් මුස්ලිම් රටවල් තියනවා ඔයාලට. ඒ වගේම සමහර අන්තවාදී කොටස්වල අදහස් වලට මම තදින්ම පහර ගැහුවා. ඒ හැම පහර ගහනකොට මා සමග හිටපු මුස්ලිම් හිතවත් මිතුරන් මට නැති උනා. ඇත්ත කතා කරන්න ප්‍රස්නයක් මැදට ඇවිල්ලා සමානව ප්‍රශ්නය දිහා බලන්න ඒ අයට උවමනාවක් තිබුනේ නැහැ. ගොඩක් කාලෙකට පසුව ඔබ වැනි අපේ රටේ පැරණි මුස්ලිම් මහත්මයෙක්ගේ අදහස් මගේ පැරණි මුස්ලිම් හිතවත් කම අලුත් කරන්නට හේතුවෙලා තියනවා ඔබලා සිංහලයගේත් දෙමලාගේත් සුවද හදුනන මේ පොළවේ හරියට පයගහල හැදුන මිනිස්සු එදා පොලොන්නරුව වගේ ඈත පළාත්වල සිංහල දෙමල මුස්ලිම් එකම ගමේ ජීවත් උනා. ඒක නැති කලේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ඔබට මතක ඇති. ඒ ඒ ජන කොටස් වෙන වෙනම පදිංචි කලා එදා සිං හලයන්ට දෙමල බසත් දෙමල මුස්ලිම් ජනතාවට සිංහල බසත් කතා කිරීමේ හැකියාව තිබුණා.ඒ නිසා බාශා ප්‍රශ්නයක් තිබුනේ නැහැ මෙය සමගියට ඉවහල් උනා .කඩිනම් මහවැලි සංවර්දනය යටතේ පිට පළාත් වලින් පදිංචි කල ජනතාව දැනගෙන සිටියේ එක බාෂාවක් පමණි .ඒ නිසා ඒ ඒ ජනතාව අතර දුරස් වීම අරම්බ උනා.අස්මිත් ඔබ සමග හිතවත් කමක් ගොඩනගා ගන්න කැමති ඔබ මොන පළාතේද ලංකාවේ මොකද කරන්නේ.(නදී)
අපට ඔය හොදයි කියන රටවල් එකක්වත් උදව් කරන්නේ නැහැනේ. ඉතින් තවත් හැම් බේකන් බල බලා පරිප්පු නොකා අපට උදව් කරන අපේ මට්ටමේ රටවල් එක්ක ගනුදෙනු කරමු (නි)
මෙතන අදහස් පල කරන සමහර අයට මෙලොව වැටහීමක් නම් නැත. අපිට බුලත් තියලා වැඳලා එන්න කියන්නේ නැහැ. කැමති නම් යත හැක. අකමැති නොයා ඉඳ හැක. ඕවට නිකම් පණ්ඩිත කතා කියන්න නම් එපා. ලංකාවට විදේශ විනිමය නැත්නම් මොනවද වෙන්නේ කියලා රට පාලනය කරන අය විතරයි දන්නේ. අපි ඉරාකයට ගියේ නැති වුනාට ඉන්දියාව හා අනිකුත් රටවල් වල මිනිස්සු යයි. (නි)
මෙහි පලවී තිබෙන මාතෘකාවට ඔස්සේ පමණක් අදහස් ලියන්න නැතුව ජාතිවාදීව ආගම්වාදිව ලිවීමෙන් වළකින්න. ජාතිවාදීන් ආගම්වාදීන්ට කවදාවත් සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ. ඔවුන් මානසික ලෙඩ්ඩු වෙලයි මැරෙන්නේ. තේරුම් ගත්තොත් ගොඩ නැත්නම් අංගොඩ. (නි)
ඉම්රාන්, විදේශ විනිමය හොයන්න ඉරාක් වලට දුවන්න ඕනෑ නැහැ.ඉන්දියාවට ගියාට කමක් නැහැ.ඔයා දගලලා අදහස් දාන්න එපා. ඒක ඒ අයගේ කැමැත්ත.ඔයාලගේ අරාබි රටවල් වල අනිත් ජාතීන්ට අපේ රටේ තියෙන නිදහස තියෙනවාද? කතා කළොත් ඉවරයි. ආවා මෙතන පණ්ඩිත කතා කියන්න (නි)
සුබ දවසක්! සියලු දෙනාගේම අදහස් මම දැක්කා. මම වැඩකරන ආයතනයේ විවිධ ආගම් විවිධ ජාතීන් එකට වැඩ කරනවා. නමුත් අපිට එහෙම හැගීමක් දැනෙන්නේ නැහැ. සියලු දෙනා සතුටින් රැකියාව කරනවා. (නි)
මමත් චිවිල් එන්ගිනීර් කෙනෙක්.....දැන් සෞදි අරාබිය වල වැඩ කරන්නේ .. ඔහේ පඩිය ඩොලර් කියක් ගන්න පුළුවන්ද ........ (දී)
දිසානායක ඔයාලට සත්තකින්ම මෙලොව දෙයක් තේරෙන්නේ කියන ඔයාගේ මහා ලොකු අදහසෙන්ම තේරෙනවා. අරාබි රටවල් වල නිදහස ගැන අපි මොකටද දඟලන්නේ ? අපේ ලංකාවේ කතා කිරීමේ නිදහස තිබිලා මොනවද ලබා ගත්තේ? ලංකාවේ ඉන්න මිලියන විස්සක් වැනි සුළු ජනගහනයකට සෙතක් ලබා දෙන්න බැරි රජයක් මහා ලොකුවට ජාතිකත්වය ගැන කතා කරනවා. මම ලංකාවට විදේශ විනිමය 1991 ඉඳලම ගේනවා ඔච්චර වීර කතා කියන ඔයාල වගේ අය මොනවද රට වෙනුවෙන් කලේ? අනුග්හේ රටවල් වල මොනවද වෙන්නේ කියල හොයන්න ඉස්සර තමුන් ඉපදුනු රටේ මොනවද වෙන්නේ කියල බලනවා. මැදපෙරදිග සල්ලි නැත්නම් දිසානායක වගේ පණ්ඩිතයින්ට ලෙව තමයි කන්න වෙන්නේ. (දී)
අස්මිත්, දිසානායකට ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න. එයා හොඳ කෙනෙක්. (නි)
නිහාල්, නොදන්නා නිසයි අහන්නේ. ප්‍රමාණ සමීක්ෂණ වෘත්තිය කියන්නේ මොකක්ද? (නි)
ඉම්රාන් මහත්තයා ....ඔයා අහල තිබුනනේ ඔයාල මොනවාද රට වෙනුවෙන් කලේ කියලා ....එම වැකිය කියවපු මාගේ දෙනෙත් කදුලු වලින් බර උනේ මටත් නොදනිමයි. හිතවත් සහෝදරයා, ඔයාට මතක ඇති මේ රටේ අවුරුදු ගණනක් තිබුණු යුද්ධය ....ඔයාලගේ මිනිස්සුන්ව පල්ලියේ දෙවියන් යදින විට අමු අමුවේ මරපු හැටි ඔය දන්නවා ඇති බව මට විශ්වාසයි. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවත් රටත් විනාශ කරපු මේ යුද්ධය වෙනුවෙන් මමත් මගේ පියත් අපේ ලේ දහදිය ශ්‍රමය කැප කරලා ඉවරයි. මගේ ළමා කාලය ගෙවුනේ උතුරු පළාතේ දුෂ්කර ගමක. ඒ පියාගේ යුද හමුදා ජීවිතය නිසා, පසුව මම මගේ දායකත්වය දැක්කුවා .... අද ඔබලා ඔය ලබන නිදහසේ ජීවිත අපි ගොඩ නැගුවේ අපි වගේ අහිංසක ඒ වගේම නිර්භීත සොල්දාදුවන්ට පින් සිද්ධ වෙන්න රටේ මහා එවුන්ට අමතක උන ඒ අතීතය ඔහෙලා වගේ උදවියට අමතක වීම අරුමයක් නොවේ ..මට දැනුත් තිබුන ආණ්ඩුවෙන් දෙන දෙයක් කලා නිකමෙක් වගේ ලංකාවට වෙලා ඉන්න. එහෙම ඉන්න බැරි නිසා තමයි පිටරටක ඇවිල්ල ඔයා කියන විදිහට විදේස විනිමය හොයලා ලංකාවට යවන්නේ.මොනවා උනත් මේ රටේ ඉපදිලා මේ රටේ සාරය උරා බීලා මේ රටට ද්‍රෝහිකම් කරන ද්‍රෝහී අදහස් දමන ඔහෙලා වගේ සුළු පිරිසක් ඉන්නවා කියන එක අපි දන්නවා .ඒවාට නිසි තැන නිසි උත්තර දෙන්නත් අපි පසුබට වෙන්නේ නැහැ, කියන එක තමුන් හිතට ගත්තොත් හොඳයි ..පළමුව රට දෙවනුව තමයි අපි අනිත් දේවල් හිතන්නේ.අනිත් එක අපි ලෙව කාපු ජාතියක් නෙමෙයි ඔහෙල වගේ . ඒක මතක තියාගෙන නම්බුකාර විදිහට කතා කරනවා නැත්තම් මගේ ඉවසීමේ සීමාවත් පනිනවා මම කවුද කියලා දැනගන්න ඕනේ නම් ඔහෙට පුළුවන් ඔහේගේ ඉමේල් ලිපිනය පළ කරන්න මම උත්තර දෙන්නම් පෞද්ගලිකව. (ස)
දැන්වත් අපේ ශ්‍රමය පිට රටවල් වලට විකිණීම නවතා රටේ දියුණුව සදහා යොදවන්න උත්සාහ කරන්න. (නි)
බොහෝ රටවල් ඉරාකය දකින්නේ ඉතාම අනතුරු දායක රටක් වශයෙන්. එහෙම රටකට අපේ රටේ මිනිසුන් වැඩට යවන්න අනුබල දෙන එක හරි දෙයක් කියල මම හිතන්නේ නැහැ. (දී)
ඉරාකය සමග නැවත සම්බන්දතා ඇති කර ගැනීම ඉතා සුබ දායකයි. මොකද දැන් රට දේශපාලන වසයෙන් නැවත නිවැරදි මගට එන සලකුණු පෙන්නුම් කරයි. වෙළද හා වාණිජ වශයෙන් සබදතා තරකර ගැනීම සුබ ලකුනක්. ඉරාකය අතීතයේ හොදම තේ ගැනුම් කරුවාය. නැවත ඒ සබදතා ගොඩ නැගීම ඉතා හොදයි. ඉදිරියේදී රටවල් දෙක අතර හොද වෙළද හා වාණිජ වශයෙන් සබදතා තරකර ගැනීමට හැකි වේවි. ඉරාකය විශාල තෙල් සම්පතකට හිමිකම් කියන රටකි. තේ සහ තෙල් අනේවාසික වෙළද සබදතාව යලි පන නැංවීමට කාලය එලබ ඇත. එය සුබ ලකුණකි.(නදී)
ඉරාකය සහ ශ්‍රීලංකාව අතර සතු සම්බන්ධතා තර කර ගැනීමට හැකි වීම ඉතා සුබ දායක කරුණකි. ඒ සම්බන්ධතා වලින් අප රටේ දියුණුව කර යන මොහොතේ යම් සහයකි ඉරාකය ව්ශාල තෙල් සම්පතකට උරුමකම් කියන රටකි තෙල් සහ තේ ගනුදෙනුව යලිත් පන ගැන්විය හැක එය දෙරටටම සුබදායක කරුණකි.(නදී)
ඉරාකයේ වැඩට පිරිමි යැව්වට කමක් නැත ගැහැනු නම් යවන්න එපා.(නදී)
ඉරාකය අනතුරු දායක රටක් කියන්න බැහැ. ලංකාවත් යුද්ධ කාලේ අනතුරු දායක රටක් වෙලා තිබුනා මතකද? මමත් දැන් හය අවුරුදක් ඉරාකයේ වැඩ කරනවා දනාත්මකව සිතල කතා කරන්න.(නදී)
කිසිම විදේශ ප්‍රතිපත්තියක් අපිට දැන් නැහැ. ලෝකයේ මෙපමණ හොඳ රටවල් තිබෙද්දී අපේ අය යනවා ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදීන් ඉන්න සහ සංචාරකයින්ට යන්න තහනම් රටකට. (නි)
මෙහෙමයි අපි යන්න බය උනාට ඉරාකය කියන්නේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න හොද රටක් (දී)
මම අවුරුදු 6ක් ඉරාකේ වැඩ කරා. ඒ ඇමරිකන් හමුදාව ඉන්න කාලේ එයාලගෙම බේස් එකේ. එහෙම වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එළියේ සිවිල් අය එක්ක ඒ කියනනේ ඉරාකේ මිනිස්සු එක්ක එකට වැඩ කරන එක අවදානම්. හේතුව එයාලගෙම අයනේ බෝම්බ තියා ගන්නේ. ඒ නිසා කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද දන්නේ නැහැ.(නදී)
ලෝකේ කචල් තිබෙන රටවල් තමයි අපිත් එක්ක එකතු වෙන්න බලන්නේ , ටිකක් සල්ලි බාගේ තිබෙන සාමකාමී රටවල් වලින් අපිට කිසිම ආරාදනාවක් ලැබෙන්නේ නැහැ. එම රටවල් එක්ක වැඩ කරන්න එන්න කියලා.(නදී)
2005 ඉදන් මම ඉන්නේ ඉරාක් වල. බය නැතුව එන්න. (නදී)
යෝජනාව නම් හොදයි. නමුත් මේක දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. (නි)
පඩි කොහොමද දන්නේ නැහැ නේද? ඔය ඔහේ ඉන්න කෙනෙක් කියන්නකෝ බලන්න (නි)
අන්තවාදීන්ගෙන් තමන්ගේ බෙල්ල අමු අමුවේ කප්ප ගන්න අවශ්‍ය නම් ඔන්න යන්න සුදුසුම රට. ජනාධිපති තුමෝ ඔය වැඩේ නම් හොද වැඩක් නෙමෙයි.(නදී) .
මමත් අවරුදු 8 ක් වැඩ කලා ඉරාකයේ. පඩි නම් මාසෙකට ඩොලර් 3200 ක් ගත්තා.ඉරාක ආණ්ඩුවේ වැඩ වලට නම් එච්චර ගෙවාවී කියල හිතන්න බැහැ. කොහොම උනත් හොඳ රස්සාවල් වලට යවන්න ඕන. කම්කරුවෝ නම් එපා.(නදී)
කිසිම ආරක්ෂාවක් බලාපොරොතු වෙන්න බෑ.. දැන් නම් ඉරාක් වලින්.. එහේ හැමදාම කාර් බෝම්බ පුපුරනවා... ඔහේ ගිහිල්ලා විහින් මැරෙන්න ඕනිද.... අපෝ මට නම් එපා ... (ස)
සුභ උදෑසනක් මහත්වරුණි, මම දැනට ඉරාක්වල සේවය කරන්නේ සිවිල් ඉංජිනේරුවෙක් හැටියට. මේක හොඳ අවස්ථාවක් ඉදිකිරීම් අංශයේ නියුතු සියලු දෙනාට. ඒ විතරක් නෙමෙයි. ඉහල වැටුපක් ලබන්නත් පුළුවන්.ඉරාකය තුල වැඩ කරන සියලුම නිලධාරින්ට පූර්ණ ආරක්ෂාව සපයන අතර එයට රාජ්‍ය අනුග්‍රහයද ලැබෙනවා.හොඳ අවස්ථාවක්. (ස)
අපේ රට දාලා ඉරාකයට යන්න එපා. පුළුවන් තරම් අපේ රටේ ඉඳලා යමක් කමක් කරන්න බලන්න. අපේ රටෙත් ඉරාකයට වඩා වැඩි පඩි මුදලක් හම්බකරගන්න පුළුවන්. අපේ රටට ආදරය කව්රුත් අප රට දාලා යන්න එපා.(නදී)
හොද වැටුපක් දෙනවනම් මමත් එනවා (දී)
මුස්ලිම් තරුණයන් ගියාට කමක් නැහැ (අ).
කුමාර, නිකන් කට තියෙන පලියට කතා කරන්න එපා.(නදී)
කුමාර, ඔබතුමා නිකන් කට තියෙන පලියට කතා කරන්න එපා. සුභවාදීව හිතන්න. මම දැන් ඉන්නේ කටාර් වල, මාත් එක්ක අන්‍ය ආගමික යාලුවෝ වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අපි සුහදව ඉන්නේ. ඔයාලා වගේ කට්ටිය කට අරියෝත්ම කතා කරන්නේ මුස්ලිම් ,මුස්ලිම්,මුස්ලිම් පොඩ්ඩක් සාධාරණව හිතන්න. (ස)
රසික ඔයා කියන දේ ඇත්ත. මමත් ඉන්නේ සෞදි වල. මගේ කාමරේ ඉන්නේ සිංහල යාලුවෝ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එකට උයාගෙන එකට කාලා අපි ඉන්නේ. අනික ත්‍රස්තවාදියා සිංහල, මුස්ලිම්, දමිල ජාතිය හොයන්නේ නැහැ. උන්ව මරන්න ඕනා නම් මරනවා. සමහරු මෝඩ අදහස් දානවා. නමුත් අපි සමගි නම් නේද රසික.(නදී)
ඇත්තටම මේක හොද වැඩක්.
ඇත්තටම මේක හොද වැඩක්. ඉරාකය වගේ බලසම්පන්න රටවල් සමග අපි එකතුවනනම ඕන ගනුදනු කරන්න ඕන.අප රටේ තරුණ පිරිසට හොද ආයෝජන මාර්ගයක්
ඩෙනම්, ඔයාට කොච්චර කිවුවත් අර ජරාව ගන්නවා නේද?දැන්වත් ඔය මත්ද්‍රව්‍ය අත හරින්නකෝ අනේ. (ස)