විමුක්ති එස් රුද්‍රිගු
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව අද (27) සහ හෙට (28) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පදනම් වූ ආයතනික ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන් අතර ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ වේ. රටේ ආයෝජන හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් මෙම සුවිශේෂී හමුව හරහා ඒකරාශී වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd