ඉන්දියා නිෂ්පාදන සහ සේවා ඇතුළත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ඉන්දීය වෙළඳ ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද විවෘත විය.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රවර්ධන සංගමය එක්ව මෙය සංවිධානය කරයි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා යන මහත්වරු ප්‍රදර්ශනය විවෘත කළහ.
ඉංජිනේරු භාණ්ඩ, යටිතල පහසුකම්, ඉදිකිරීම් භාණ්ඩ, රෙදිපිළි හා නිමි ඇඳුම්, ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන රාශියකින් යුත් ප්‍රදර්ශන කුටි 100කට වැඩි ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රදර්ශනය ලබන 12 වැනිදා තෙක් පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සාර්ථක වෙන්න කියා පාර්ථනා කරමි. (ර)
ඉන්දියානුවන් අපට සලකන විදියටම මෙයට යාමෙන් වලකින්න. (බ)
කරුණාකර මෙය වර්ජනය කරන්න. (බ)
දේශීය සුළුපරිමාණ නිෂ්පදකයින්ටත් මෙවැනි අවස්ථා ලබාදීම සඳහා කටයුතු කරනවා නම් හොඳයි. (නි)
ශාන්තගේ අදහසට මමත් එකගයි.මෙවැනි අවස්ථා ඉන්දියානුවන්ට ලබා දීම දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින්ට මරු පහරක්. (බ)
ශාන්තගේ අදහසට මමත් එකඟයි. මෙවැනි අවස්ථා ඉන්දියානුවන්ට ලබා දීම දේශීය සුළුපරිමාණ නිෂ්පදකයින්ට මාරු පහරක්. (ස)
දේශිය නිෂ්පාදකයාගේ පැත්තෙන් අවාසිසහගත වෙන්නත් බැරි නැහැ. ලෝකේ කොහෙවත් නැහැ 100%ක් හොඳ වැඩසටහන් (නි)
පාරිභෝගිකයට වාසිදායක වෙන්න පුලුවන්ද කියලා තීරණය කරන්න අළෙවිය සඳහා ඇති භාණ්ඩ පිළිබඳව දැනගත යුතුය (නි)
මම ශාන්තගේ සහ මොහමඩ්ගේ අදහස් අනුමත කරමි. මෙවැනි දේවලින් තව තවත් විරැකියාව ඉහළ යනවා. මේ දෙය මොකද දේශපාලකයන්ට තේරෙන්නේ නැත්තේ? (නි)