ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලට ශ්‍රී ලංකාවේ වෙළඳපල සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ සෘජු හා වක්‍ර රැකියා කරන විවිධ පරිමාණයේ සම්භාණ්ඩ කම්හල් 1250ක් පමණ රටපුරා ක්‍රියාත්මක බව පවසන සභාපතිවරයා වසරකට දේශීය නිෂ්පාදනයේ වත්කම රුපියල් කෝටි 4,000 පමණ වන බවද සඳහන් කරයි.
මෙබඳු විදේශීය පාවහන් කම්හලකට සිය නිෂ්පාදන මෙරට තුළ අලෙවියට ඉඩ සැලැස්වුවහොත් එයින් දේශීය නිෂ්පාදන විනාශයට පත්වන බව පැවසේ. මෙම කම්හලේ නිපදවන පාවහන් දේශීය වෙළඳපලේ අලෙවිය තහනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බවද ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පාවහන් කම්හල ලංකාවට එන්නත් කලින් ඔබතුමාලා බයවෙලා. අපේ සපත්තුවල ගුණාත්මකභාවය ඉතාම ඉහලයි. එබැවින් තරගකාරිත්වය මගින් උසස් ගුණාත්මක භාවයෙන් පිරිපුන් නිෂ්පාදනයක් තරගකාරී පරිභෝගිකයාට දැරියහැකි මිලක් යටතේ වෙළදපොලට යොමුකරන්න හිතට ගන්න. එහෙම නැතිව හැමදේටම බාධා කිරීම අනුවණ ක්‍රියාවන්ය. ඒවායින් පිළිබිඹු වන්නේ අපේ නොහැකියාවයි. "අවදානම"අවස්ථාවක් කරගෙන දේශීය නිෂ්පාදනය ඉදිරියටම ගෙනියන සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වන්න.
පිටරට යැවීමට පමණක් නිෂ්පාදනය කරන්න ඉඩදුන්නොත්, ඉස්සෙල්ලම කරන්නේ තත්වයෙන් බාල, අඩු නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරන්න ඉල්ලන එක. මෙහේ ඉන්දියාවට වඩා සේවක නිෂ්පාදනවල මිල අධිකයි. අනික ඕනෑතරම් ලාබෙට සේවකයෝ ඉන්න රටේ ඉඳලා... අපිට තියන ආදරේට වෙන්නැති මෙහෙ එන්නේ.... කොහොමත් මේක ලංකාව පැත්තෙන් හොඳ තීරණයක් නොවේ.
මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ දේශීය ව්‍යාපාර නැත්තටම නැතිකරලා ලංකාව ඉන්දියාවට පවරලා දෙන්නයි. නුසුදුසු නූගත් අය දේශපාලනයට ආවහම ඔහොම තමයි.
ප්‍රංශය ලෝකයේ සුවිසල් කාර්මික නිෂ්පාදකයෙක්... ඉඳිකටුවේ සිට ගුවන් යානය දක්වා නිෂ්පාදනය කළත් බැලූ බැලූ තැන ඇත්තේ චීන භාණ්ඩයි. ප්‍රංශ දේශීය සුළු නිෂ්පාදකයන් නැත්තටම නැති වී ඇත. රජය නිද්‍රාශීලිය. එහෙත් ප්‍රංශ පාරිභෝගික ජනතාව නිතරම චීන කුණු ගොඩවල් ප්‍රතික්ෂේප කරමින් යන්තමින් හෝ බේරී තිබෙන ප්‍රංශ නිෂ්පාදන තෝරාගැනීම වග බලාගනී.. ඉතින් ලාංකික අපගේ නිෂ්පාදන ඔය තරම් ඉස්තරම් නම් ඉන්දියානු නිෂ්පාදනවලට බියවිය යුතු නොවේ.
දැන් කිව්වාම නොවරදවාම නතර කරාවි, මේ තමා ඉන්දියානු ව්‍යාප්තවාදය කියන්නේ...
අපිට එපා ඉන්දීය නිෂ්පාදිතයෝ, දේශීය නිෂ්පාදිතයාට අත දෙමු. දේශීය නිෂ්පාදිතයොත් වගකීමකින් වැඩ කරොත් හොඳයි. දේශීය නිෂ්පාදිතයෝ වුනත් සල්ලි හම්බ කරගෙන පිටරට ගිහිල්ල ජිවත් වෙන අය ඉන්නවා. පිටරටින් ඉගෙන ගෙන දේශීය නිෂ්පාදන වලට යොදා ගත්තොත් හොඳයි. පිටරට ගිහිල්ල නතර නොවී...
එන්නත් කලින් බොරුවට බය වෙන්න අවශ්‍ය නැහැ... ඔය සමගම කම්හල හදලා සේවකයෝ බඳවා ගෙන නිශ්පාදනය අාරම්භ කරලා, නිෂ්පාදන වෙළඳ පලට එන්න තව අවුරුදු 2 වත් යාවි... අපේ නිෂ්පාදකයන්ට ඕනේ තරම් කල් තිබෙනවා. සුදානම් වෙලා හොඳ තරඟයක් දෙන්න තරඟකාරී මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ සපත්තු නිෂ්පාදනය කළොත් අපේ මිනිස්සු ඉන්දියන් සපත්තු ගන්න එකක් නැහැ. අනිත් කාරණය විදේශීය සමාගම් ලංකාවේ පාවහන් නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
කොයිවෙලෙත් සපත්තු දාගෙනම ඉන්න මේක සීතල බර්ලින් නෙවෙයි. මෙහෙ රස්නෙට සපත්තු නෙමෙයි ඕනේ.... සෙරෙප්පු විතරයි.
අප විරුද්ධ විය යුතු වන්නේ විදේශීය නිෂ්පාදන අප රටට එනවාට මිස විදේශ කර්මාන්ත අප රටේ ඇති කරනවාට නොවේ. විදේශ ආයෝජන නොමැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රජය වග බලා ගන්න ඕන මේ කර්මාන්තශාලා වල අපේ ශ්‍රමිකයන්ට රැකියා ලබා දෙන්න.
පාවහන් කර්මාන්තය අපේ රටේ හොඳ ස්වයං රැකියාවක්.... ඒ වගේම මේ කර්මාන්තයෙන් යැපෙන බහුතර ජනතාවක් රටේ ඉන්නවා. රටට අවශ්‍ය තරමට පාවහන් නිෂ්පාදනයත් තියෙද්දි ඒ අංශයට විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම කර්මාන්තය අඩාල කිරීමක්. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගත යුත්තේ අපේ සේවා යෝජකයින් ඉදිරිපත් නොවන කර්මාන්තවලටයි.
ලංකාවේ නිෂ්පාදනය කරන බොහෝ පාවහන් වල මිල අධික වුණාට ප්‍රමිතියෙන් අඩුය. ඉතා කෙටිකලක් තුලදී ගැලවී යනවා. ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම් වලින් පාවහන් නිෂ්පාදනය කරනකොට ඔවුන් තමන්ගේ නම කතා කරගන්න කැමති නැහැ. ප්‍රමිතිය ගැන හොඳට බලනවා. එම නිසා එම පාවහන් බොහෝවිට තත්වයෙන් ඉහලයි.
දේශපාලකයෝ අවශ්‍ය කුට්ටිය ගන්න ඇති... රට ගැන ජනතාව ගැන මොන කතාද..? නිකන් සංදර්ශන විතරයි.
මත්පැන් කර්මාන්ත ශාලාවක්, කැසිනෝ ව්‍යාපාරයක් වැනි දෙයක් ආයෝජන මණ්ඩලය හරහා ආරම්භ කරන කොට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. නමුත් සපත්තු කම්හලක් ආරම්භ කරනවා කියල විරුද්ධ වෙන එක විහිළුවකි. ආයෝජන මණ්ඩලය හරහා ආරම්භ කරපු විදේශිකයන්ට අයිති නිමි ඇදුම් කම්හල්, සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා. එමගින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඇතිවී තිබෙන අතර රජයට බදු අාදායම් ලැබෙනවා. " ලිඳේ ඉන්න මැඩියන්ගේ ප්‍රතිපත්තිය" අද ලෝකයට නොගැලපේ... විදේශයන්හි නිෂ්පාදිත පාවහන් අද ලංකාවේ වෙළඳපලේ ඕනෑ තරම් තිබෙනවා.
මෙහි ඇති කුමන්ත්‍රණය නම්, මේ සපත්තු වෙළෙඳපොලට යන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා, ලේබලයේ යටතේ. වැඩේ කොහු වුනොත් ඉන්දියාව බේරිලා.
අනිවාර්යෙන්ම වෙළඳපොල තරගකාරිත්වයක් තිබිය යුථුය , නැත්නම් කිසිදා පාරිබෝගිකයාට ප්‍රමිතියෙන් වැඩි , ගුණාත්මක බැවින් වැඩි මිලෙන් අඩු නිෂ්පාදන තරගකාරී මිලට ලබාගන්න ලැබෙන්නේ නැහැ . එය පාරිබෝගික අපේ අයිතිවාසිකමක්. ඔබලත් ඉන්දියානුවන්ට වැඩ හොඳ නිෂ්පාදන බිහිකරන්න ගුණාත්මකබවින් වැඩි. එච්චරයි . ලෝකේ කොයි රටෙත් අද මේ දේ වෙනවා , බොරුවට වෙළඳ ඒකාධිකාරයක් පවත්වගනයන්න ලැබෙන්නේ නැහැ අද ල්ප්කය හරි පොඩියි
මිනිපේ , ලංකාවේ තේ වලට ලෝකයේ නමක් තිබුනට , ලංකාවේ සපත්තු වලට කිසිම නමක් නොමැත ,ලංකාවේ නිපදවන බොහෝ සපත්තු වල ප්‍රමිතිය අඩු අතර , මස 2-3 ගැලවී යනවා ,