ඉන්දු ‐ලංකා වෙළඳ හා තාක්ෂණික ගිවිසුම ලබන ජුනි මාසයේදී අත්සන් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
මෙම ගිවිසුමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ කිසිදු සේවාවක් ඇතුළත් නොකෙරන අතර ගිවිසුම අත්සන් කිරීමට පෙර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගැනීමට කටයුතු කරන බව ද කියති.
මෙම නව ගිවිසුමට තොරතුරු තාක්ෂණය හා නැව් කර්මාන්තයට අදාළ සේවා සැපයීම සඳහා වන එකඟතාවයන් ඇතුළත් වන අතර තවත් සේවාවන් සපයා ගැනීම සඳහා වන කරුණුද ඇතුළත් වන බව ජාත්‍යන්තර වෙළඳ හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පැවසීය.
ගිවිසුම හරහා ලංකාවේ නැව් කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ අංශය දියුණු කිරීම සඳහා වන විශේෂඥයින් හා විද්වතුන් ඉන්දියාවෙන් සපයා ගැනීමට අපේක්ෂා කරන අතර ගිවිසුම සකස් කිරීමේ කටයු ලබන පෙබරවාරි මාසයේදී අවසන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම හොද විදියට වෙයි. (හේ)
ඔර්ජිනල් මෝදී ඉන්නේ මොන රටේද? (බ)
ඉවරයි එහෙනම්.(හේ)
ඊළඟ පියවර කුමක්ද?(හේ)
විරැකියාවෙන් බැටකන සමාජයකට මෙවැන්නක් කරන්න නම් රජයක් මොකටද? මේ රජය බලයට ගෙනා මධ්‍යම පන්තිය මේ පාර නම් හොඳ පාඩමක් ඉගෙනගන්නවා. (නි)
නවීන් හීනයක් දැක්කද ? අත්සන් කලානම් ආයෙත් අත්සන් කරන්නේ ඇයි ? (ර)
මොකද්ද මේ වෙන්නේ.(හේ)
හොඳ වැඩක.(හේ)
ඉදිරියේදී කුමක්ද සිදු වන්නේ කියා බලමු.(හේ)
අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ.(හේ)
දෙරට අතර සම්බන්ධතාව දියුණු කර ගන්න තවත් අවස්ථාවක්.(හේ)
මේ ගිවිසුම අත්සන් කරන එක හොදයි.(හේ)
මට මතකයි වගකිවයුතු අමාත්‍යවරයෙක් කිවුවා දොස්තරවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවර වැනි වෘත්තිමය සුදුසුකම් ඇති අය මේ ගිවිසුමෙන් ඉන්දියාවෙන් ගෙන්වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ වෘත්තියමය සුදුසුකම් රහිත ඕනෑම කුලීකාරයෙක් මේ ගිවිසුම අනුව ඉන්දියාවෙන් ලංකාවට පැමිණීමට පුළුවන් කියන එකද? අනේ මන්දා..! අපි හරි දක්ෂයි " අහක ඉන්න නයි අල්ලලා රෙද්ද අස්සේ දමාගෙන කනවෝ කනවෝ" කියන්න. අපි බලාගෙන ඉමුකො. (නි)
හොඳ දෙයක් වෙයි.(හේ)
කෝකටත් තව ටිකක් හොයලා බලලා අත්සන් කරන්න.(හේ)
නවීන්, හීනයක් දැක්කද? මහින්ද අත්සන් කළා නම් ආයෙත් අත්සන් කරන්නේ ඇයි? (නි)
මහින්ද මහත්තය සීපා අත්සන් කරේ ජනතාවට කොලේ වහල කියල කට්ටියටම අමතකයි දැන් (කෞ)
කොහොමද, කොටුවේ රේල්වේ එක ළඟ වතුර බාල්දියකුත් තියාගෙන වාඩිවෙලා, මුණ විතරක් වහගෙන නහයත් වහගෙන ශරීර කෘතිය කරන විට. (ර)
ඔන්න ඔබලාට දැන්වත් තේරුනාද මහින්දගේ අගේ ..? සීපා ගිවිසුම අත්සන් නොකළේ ඒ මිනිසා රටේ මිනිසුන්ගේ සුබසිද්ධිය ගැන හිතලයි. දැන් පලයල්ලා පෙලපාලිවත් ගිහින් පුලුවන්ද නවත්වන්න කියල ..(බ).
යහපාලනය නම් නියමයි (නි)
මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)
නියමයි. ලංකාවෙත් පරිගණක ඉංජිනේරුවන්ට හොඳ කලක් යයි වගේ. ඉන්දියන් අය තමයි පරිගණක මෘදුකාංග වෙළඳපොල කාලා තියෙන්නේ. ඔවුන් මෙහෙ ඇවිල්ලා තුට්ටු දෙකට වැඩ කරන්න පටන් ගත්තහම නියමෙට තියෙයි (නි)
නියමයි ලංකාවෙත් පරිගණක ඉංජිනේරුවන්ට හොද කලක් යයි වගේ (ම)