විමුක්ති එස් රුද්‍රිගු
ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතවේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සංවිධාන අතර සාකච්ඡා වට කීපයක් පැවැත්වුණු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සහාය වීමේ අරමුණින් එම සාකච්ඡාවලට පහසුකම් සැලසූ බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
එහිදී ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් සඳහාද පහසුකම් සැපැයූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වය පෙරේදා (19) ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබූ බවත් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
තොරතුරු හුවමාරු කර ගැනීම, ආයෝජන සහ වෙළෙඳාම සඳහා හවුල්කරුවන් සම්බන්ධ කිරීම ඇතුළු සහයෝගීතාව සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට දෙපාර්ශ්වය මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු- ලංකා ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධනයට සාකච්ඡා