IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමරිකානු බදු අපනයන වාසිය අඩු කරන අවදානමක්

අලුත් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් ලෝකයේ සියලුම රටවලට කෙළින්ම දැනුම්දෙන ක්‍රමවේදයක් ආරම්භ කරන බව ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් සිකුරාදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවට සියයට හතළිස් හතරක බදු ප්‍රතිශතයක් අලුතින් පැනැවෙනු ඇතැයි දැක්වේ. මෙම ප්‍රතිශත අඩු කරගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ. දෙරට අතර වෙ​ෙළඳ පරතරය අඩු කරන පියවරක් වශයෙන් ඇමරිකාවෙන් ඉන්ධන ආනයනය කිරීමට උන්නදුවක් ආණ්ඩුවට තිබෙන බව වාර්තාවේ. කෙසේ වෙතත් බදු ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට තුනකින් පමණ අඩු විය හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරයි. අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගයට ද බලපෑමක් විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ඇමරිකානු බදු සහ අපනයනය සම්බන්ධ ඉදිරි ප්‍රවණතා කොළඹ කොටස් වෙෙළඳපොළ ගනුදෙනු කෙරෙහි පීඩනයක් ඇති කරන්නට ඉඩ තිබේ. අපනයන අංශ ආවරණය කරන සමාගම්වල කොටස් ඉල්ලුම අඩුවිය හැකිය. ඉකුත් සිකුරාදා (ජුනි 04) ගනුදෙනු අවසන් වූ පසු වෙ​ෙළඳ පොළ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,148.34 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 47.42 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,366.03 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.63 ක පිබිදීමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් මිලියන 6,762.25 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 25,376 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 156.1 ක් විය. සමාගම් 117 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 113 කි. විදේශීය සහභාගීත්වය සලකා බලන පසු මෙදින සුළු ප්‍රමාණයකින් රටට ආදායමක් ලැබුණි. මිල දී ගැනීම් රුපියල් මිලියන 1,158.14 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 1,140.93 කි. සතියේ මුල් භාගයේ තිබුණ විදේශ විනිමය අහිමිවීමේ ප්‍රවණතාව අවසන් ද යන්න සලකා බැලිය යුතුව ඇත. කොටස් මිල දී ගැනීමට සුදුසු වාතාවරණයක් තවමත් තිබේ. සමාගම් විස්සක කොටස් මිල සතිපනස් දෙකක ඉතිහාසයේ වැඩිම මිලට පැමිණ ඇත. තවත් සමාගම් තුනක කොටස් මිල එම කාලයේ අඩුම මිලට පහත වැටී තිබේ.

නිරීක්ෂක



අදහස් (0)

ඇමරිකානු බදු අපනයන වාසිය අඩු කරන අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site