IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ප්‍රමුඛතම අපනයනකරුවෝ - BOI සාකච්ඡාවක

භානුක අමරසිංහ


ඇමෙරිකාව මෙරටින් කරන ආනයන සඳහා පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ලබා දී ඇති දින 90ක විරාමයෙන් අනතුරුව මෙරට අපනයන කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා විකල්ප සෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට අපනයනකරුවන් සමගින් ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ බව පවසයි. 
මෙහිදී ඇමරිකානු වෙළෙදපොළ වෙත අපනයනය කරන අපනයනකරුවන් පනස් දෙනාට මෙම සාකච්ඡාවට ආරාධනා කෙරී තිබේ. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇකි අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතාද ඊට සම්බන්ධ වී තිබේ.  මෙහිදී අදහස් දක්වා ඇති ඒ මහතා, ගැටලු‍ව පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදුකර බවත්, වොෂිංටන් ඩීසීහි මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ධවල මන්දිරයේ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ අදාළ වෙළෙඳ නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පවසා තිබේ.
එම මණ්ඩලය සඳහන් කරන ආකාරයට මෙම විරාමය අපනයන ක්ෂේත්‍රය වෙත ධනාත්මක බලපෑමක් කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත.  එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරවල විවිධ පරාසයක පවතින අතර ඉන් ආයෝජකයන් 200ක් පමණ ආයෝජන මණ්ඩල ව්‍යවසාය වේ.



අදහස් (0)

ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ප්‍රමුඛතම අපනයනකරුවෝ - BOI සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site