ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (2) ශක්තිමත් විය.
ඒ අනුව ගෝලීය වර්ධනය සහ වෙළෙඳාම යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය සියයට 0.1කින් ශක්තිමත් වූ අතර ඩොලරයට සාපේක්ෂව යුරෝව 0.02කින් පහත වැටිණි.
චීනය ගත් ක්‍රියාමාර්ගයත් සමඟ ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් වූ අතර එහි අගය 6.9631 ලෙස දැක්විණි. පසුගිය වසරේ අගෝස්තු මස 2 වැනිදායින් පසුව ඩොලරයට සාපේක්ෂව යුවාන් මුදල් ඒකකය එතරම් ශක්තිමත් වූ පළමු අවස්ථාව එය විය.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල ශක්තිමත් කරන්න කව්රුත් නැතිද?
එ්ක හොඳයි. ඌ මට ගහනවා කියනවට වඩා මට ඌ ගහනවා කියපුවම ලැජ්ජාවක් නැහැ.
රටක දියුණුව මනින ආර්ථික දත්ත වලින් ඉතා හොඳ මිනුම් ඒකකයක් තමයි විනිමය අනුපාතය. ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතය තීරණය වන රටක දේශීය මුදලේ විදේශ අගය ඉහළ යන්නේ අපනයන මිළ ඉහල යන්නේ නම් පමණි. ලංකාවේ දිගුකාලීනව සිදුවී ඇත්තේ විනිමය අනුපාතය පහල වැටීමයි. එනම් අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහල යාමය. රට කරවන අයට ලංකාව දියුණු කිරීමට ඇති නොහැකියාව මෙමගින් පෙන්නුම් කරයි.