IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇක්සොනොබෙල් වෙතින් කිරිවෙහෙරට නව ඝණ්ඨාර කුලුනක්

Dulux තීන්ත නිෂ්පාදනය කරනAkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ඨාර කුලු‍නක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

අඩි 27 ක උසකින් යුත් නව ඝණ්ටාර කුලු‍න, කිරි වෙහෙර පරිශ්‍රයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබේ. පස්ලෝ (තඹ 79%, සුදු ඊයම් 20%, රිදී, රන් හා යකඩ 1%) භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී ඉදිකරන ලද එහි බර කිලෝග්‍රෑම් 800 කට අධික ය. එහි අවම උස අඩි 4.5 ක් වන අතර, පාදමෙහි විෂ්කම්භය අඩි 4 කි.

“AkzoNobel පූජා කමිටුවේ උනන්දුව හා කැපවීම මෙන්ම මෙයට සම්බන්ධ වූ සියලු‍ම දෙනාගේ නොමසුරු දායකත්වය නිසා අපට කතරගම කිරි වෙහෙරට මෙම ඝණ්ඨාර කුලු‍න පරිත්‍යාග කිරීමට හැකි වුණා. මෙය බැතිමතුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. එමෙන්ම මෙය අප සියලු‍ම දෙනා පූජනීය සිතිවිලි ඔස්සේ එකමුතු කරන පියවරක් වේවි.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.

595



අදහස් (0)

ඇක්සොනොබෙල් වෙතින් කිරිවෙහෙරට නව ඝණ්ඨාර කුලුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site