IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති

(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති ආයෝජන වාතාවරණය සැලසීම පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමේ උත්සවයේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.

මේ කටයුත්තට  දායක වුණු ලෝක බැංකුවට,  ඕස්ටේ‍්‍රලියානු රජයට ස්තූතිවන්ත වෙනවා. මේ හඳුන්වා දෙන්නේ රටේ ආයෝජන නංවා, අපනයනය නංවා රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයයි.

අද වන විට අපට ලොකු ණය බරක් ඉතිරි වී තිබෙනවා. ඒක රටට, ජනතාවට ලොකු බරක්. ඒ බර අඩු කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඇති එකම විසඳුම ආයෝජන හා අපනයන වැඩිකර ගැනීමයි. ඒ සඳහා අපි ගත හැකි සෑම උත්සාහයක්ම දරනවා.

පසුගිය කාලයේ රටේ ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා විදේශ වෙළෙඳපොළට යෙදවිය හැකි භාණ්ඩ ප‍්‍රමාණයක් උත්පාදනය වුණේ නැහැ. ඒ නිසා අපේ කි‍්‍රයාකාරිත්වය අඩුවුණා. ආර්ථිකය නැංවීමට යෙදවීම් අවශ්‍ය වෙනවා. අපි අපනයන්ට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි. අපේ කලාපයේ වියට්නාමය, කාම්බෝජය යන රටවල් හිටියේ අපට වඩා ගොඩක් පස්සෙන්. අද වන විට අපි පසුකර යන තත්ත්වයක් ඇතිවෙලා.

අප නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කරන්නයි. අපි දැන් ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ ප‍්‍රතිසංස්රණ හරහා විරැුකියාව නැති කිරීමට ආදායම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මේ උත්සවයට උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ, ලෝක බැංකුවේ ග‍්‍රාමීය අධ්‍යක්ෂ ඉද්‍ර ස්වරායි,  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ටිමි හියුගියස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (4)

ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති

Shan Tuesday, 04 July 2017 06:27 AM

ගේන එකක් ඉක්මනට ගේන්න... ගොඩක් කතා විතරයි, වැඩ නම් හරි හෙමින්....

:       0       0

anura Tuesday, 04 July 2017 07:44 AM

ඔබ තුමතුමන් ලාට වෙන විකල්පයක් නැහැ නීතිය හැරුණු කළ. සමහර වෘත්තිකයන් දේශ පාලකයන් උනහම හැම දේම බලන්නේ තමන්ගේ අතීතයේ වෘත්තීයට කොටු වෙලා. අපට නම් පෙනෙන්නේ ඒක හරි දුර්වල ක්‍රමයක් බවයි.

:       0       15

senith Wednesday, 05 July 2017 06:46 AM

"මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි." මෙහෙම කියා කියා හිටියට පහුගිය අවුරුදු 3 ට පටන් ගත්ත එක වැඩක් කියන්න , මැති ඇමති ලගේ මඩිය තර කරා මිසක්

:       0       0

de silva Wednesday, 05 July 2017 08:10 PM

අනේ නිකන් විහිළු කරන්නේ නැතුව ඉන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1265 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site