(හර්ෂණ තුෂාර සිල්වා)
ආර්ථික සංවර්ධනය උදෙසා ඉදිරියේදී නව නීති සහ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ප්‍රකාශ කළේය.
ඒ අනුව නව මූල්‍ය නීතියක්, ආනයන අපනයන පනතක්, ව්‍යාපාර පහසු කිරීමේ පනතක්, නව ණය කළමනාකරණ පනතක් ආදී නව පනත් සහ රෙගුලාසි කිහිපයක් ම ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සුරැකුම්පත් කොමිෂන් සභාවල ජාත්‍යන්තර සංවිධානයේ වර්ධන සහ නැගී එන වෙළෙඳපොළ කමිටුවල සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු පැවැසීය.
එහිදි අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“අප නව විනිමය පාලන පනතක් හඳුන්වා දුන්නා. මහ බැංකුව කෙරෙහි අවධානය කරමින් අපි නව මූල්‍ය පනතක් හඳුන්වා දෙන්න සූදානමින් සිටිනවා. මහ බැංකුවේ අවධානය අත්‍යාවශය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ණය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට සූදානම්. ඊට අමතරව මුදල් අමාත්‍යාංශය යටතේ ජාතික ණය කාර්යාංශයක් ස්ථාපිත කරනවා.
ඒ වගේම ව්‍යාපාර කිරීමේ පහසුව ස්ථාපිත කිරීම සඳහා නව පනතක් ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. තායිලන්තයත් එවැනි නීතියක් ගෙන ආවා. ආනයන අපනයන නීතියක් ගෙන ඒමටත් අපි සූදානමින් සිටිනවා. මේ වසරේදීත් ඉදිරි වසර දෙකේදීත් ආර්ථිකය සංවර්ධනය ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා අපි නෛතික රාමුව සකස් කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර තක්කඩි හොරුන් නිර්දේශ කර තියාගෙන කියන බොරු සමග කුමන නීති, පනත් ගෙනාවත් අප මව්බිමට නම් කිසිඳු සෙතක් නොවන බව ක්‍රියාවෙන්ම දැනටමත් හොඳින් දර්ශනය වේ.
මහබැංකුවටත් අලුත් නීතියක් දාන්න. ඉදිරියේදී මුකුත් නොවෙන්න... මොකද දැන් වැඩේ ශේප් නිසා....
මේ සංවර්ධනෙත් වැනෙනවා විතරයි කවදාවත් බිමට කඩාගෙන වැටෙන්නේ නැහැ.
ඉතුරු වෙලා තියෙන ආර්තිකෙත් විනාස කරන්නේ නැතුව ඉන්න.
අගමැතිතුමනි, නව නීති නෙවි ඔබ ඇතුළු මැති ඇමතිවරුන්ට කියන්න රජයේ දේපොළ හොරකම් කරන්න එපා. රජයේ වාහන අවභාවිත කරන්න එපා. ටෙන්ඩර් වලින් ගහන්න එපා. තමන්ට ලැබෙන දීමනාව පමණක් ගන්න. පිළිගැනීම්, විවුර්ත කිරීම සදහා රජයේ මුදල් වියදම් කරන්න එපා. නියම විදියට අදායම් බදු ගෙවා අදර්සමත් වෙන්න. වසර දෙකකින් ලංකාව සුරපුරයක් !
ලෝකෙම ලොකුම බොරුව තියෙන්නේ අපේ ලංකාවේ දේශපාලුවන්ගේ.
මේ කියන කිසිදෙයක් ඇත්ත නොවේ. රටේ ජනතාව රවටා විදේශිකයින්ට අවශ්‍ය ලෙස රට විනාශ කරන එක තමයි කරන්නේ.