IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආයෝජනවලින් අර්ථ සාධක අරමුදලට බිලියන 20 ක් අහිමිවෙලා


විමුක්ති එස් රුද්‍රිගු


බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළ ආයෝජනවලින් සේවක අර්ථ සාධක අරමුදලට මේ දක්වා බිලියන 20 ක මුදලක් අහිමි වී තිබෙන බවත් ඊට අමතරව නියමිත ක්‍රියාවලිය මඟහැර ලැයිස්තුගත නොකළ කොටස්වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් රුපියල් බිලියන 12ක් සේවක අර්ථ සාධක අරමුදල අහිමිකර ගෙන තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම වාර්තාවට අනුව බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කර 2002-2015 අතර කාලය තුළදී සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් මිලියන 9,826 ක මුදලක් අහිමිවී ඇති අතර එයට හේතුව අහිතකර මිල ගණන් යටතේ බැඳුම්කර මිලදී ගැනීම බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම 1998 සිට 2017 වසර දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් මිලියන 9,859 ක මුදලක් අහිමිවී ඇති බවත් එයට හේතුව අසාමාන්‍ය ආයෝජන රටාව බවත් එම වාර්තාවේ දැක්වේ.

වෝහාරික විගණනවල බරපතළ සීමා දෙකක් නිසා පාඩුවේ සම්පූර්ණ ප්‍රමාණය ග්‍රහණය කර ගැනීමට නොහැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. ඉන් පළමු සීමාව වන්නේ බැඳුම්කර වෙළෙඳපොළ විගණනය 2015 පෙබරවාරි දක්වා ගනුදෙනු පමණක් ආවරණය කර තිබීම බවත් ඉන් බැඳුම්කර වංචාව ආවරණය නොවන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකශ කළේය. විගණන මගින්, කොටස්  වෙළෙඳපොළ ගනුදෙනුවලින් සිදුවන සෘජු අලාභ හඳුනාගනු ලබන්නේ ලේඛනගත උල්ලංඝනයක් හෝ ගනුදෙනුවක් සිදුකිරීමේ විෂමතාවක් ඇති අවස්ථාවකදී පමණක් වීම දෙවැනි සීමාව බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. 

 



අදහස් (0)

ආයෝජනවලින් අර්ථ සාධක අරමුදලට බිලියන 20 ක් අහිමිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site