( තිළිණි ද සිල්වා )
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකුවන ආචාර්ය මාක් මෝබියස් මහතා ගේ ප්‍රධානත්වයෙන් අයෝජන ව්‍යාපාරික සමුළුවක් ලබන 10 වැනිදා කොළඹදී පැවැත්වේ.
කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම සමුලුව සංවිධානය කරනු ලබයි.
ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.
2015 ට පෙර ඔහුගේ Templeton අරමුදල මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ කැපී පෙනෙන ආයෝජකයෙකු විය. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේ දී සිය ආයෝජන කල්පිරීම හේතුවෙන් ඒවා ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තේය.
එබැවින් ඔහු එක්වන මෙම ආයෝජක සමුළුව, ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව මෙරට වෙත යොමුකරවා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
මේ අතර 2019 නොවැම්බර් 20 දින සිට නොවැම්බර් 27 දින දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්‍රමාණය රුපියල් මිලියන 4,279 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයෝජන ව්‍යාපාරික සමුළුව 10 වැනිදා