IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයෝජන අංශ විශ්වාසයෙන් පසුවන පසුුබ්මක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හතර වැනි නිරික්ෂණයට පසු මෙරටට හිමි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් නිදහස් කොට තිබේ. අරමුදල හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇති ගිවිසුම අනුව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් රටට වාරික වශයෙන් ලැබෙන අතර දැනට හිමි වී ඇති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.7 කි. අරමුදලේ රාමුවට අනුකූලව මෙරට ආර්ථිකය හසුරුවමින් සිටින අතර එය කෙරෙහි ප්‍රසාදයක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. 

ජාත්‍යන්තරයට නිකුත්වන සංඥාව සලකා මෙරට ආයෝජන අංශ විශ්වාසයෙන් පසුවන අතර පසුගිය ගනුදෙනු දින හතක් අඛණ්ඩ වර්ධනයක් කොටස් වෙළෙදපොළ සනිටුහන් කළේය. ඊයේ (ජුනි 03) ගනුදෙනුවල දී සුළු ආයෝජකයන් කොටස් විකුණා ලාබ ඉපැයීමට ගත් උත්සාහය සමග දර්ශක පහත වැටිණි. ඩොක්යාඞ් ගනුදෙනුව සමග එහි කොටස්මිල පෙරේදා වේගයෙන් ඉහළ ගිය අතර ඊයේ ගනුදෙනුවල දී එම කොටස් විකිණීම හේතු කොටගෙන එහි මිල නැවතත් පසුබෑමකට පත්විය. 

ගනුදෙනුවල දී ද විදේශීය සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගියේය. ඊයේ (ජුලි 02) ගනුදෙනුවල දී මිල දී ගැනීම් රු. මිලියන 67.92 ක් වූ අතර විකිණීම් රු. මිලියන 3436.47 කි. ශ්‍රි ලංකාවෙන් පිටතට ගිය ශුද්ධ විනිමය ප්‍රමාණය  රු. මිලියන 3,369 කි.   ජුනි මාසයේ පළමු දින දෙක තුළ පමණක් රු. මිලියන 3,504 ක මුදලක් මෙරටින් ඉවත්ව ගොස් තිබේ. මෙම තත්ත්වය ඉතා පරීක්ෂාකාරීව අවධානයට ගත යුතුවේ. 

ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,100.92 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 40.87  ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,347.40 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 11.64 ක පිරිහීමක් සේ  වාර්තා වේ. පිරිවැටුම රු. මිලියන 5,651.35 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 33,952 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 198.2 ක් විය. සමාගම් 125 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 121 කි.  

කොටස් මිල දී ගැනීමට සුදුසු වාතාවරණයක් තවමත් තිබේ. සමාගම් විස්සක කොටස් මිල සති පනස් දෙකක ඉතිහාසයේ වැඩිම මිලට පැමිණ ඇත. තවත් සමාගම් තුනක කොටස් මිල එම කාලයේ අඩුම මිලට පහත වැටී තිබේ. 

නිරීක්ෂක



අදහස් (0)

ආයෝජන අංශ විශ්වාසයෙන් පසුවන පසුුබ්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site