(ඩයනා උදයංගනී)
ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මේ වන විටත් ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 20 ක බද්දක් පනවා ඇති අතර ඉදිරියේ දී එය රුපියල් 40 දක්වා ඉහළ යනු ඇතැයි කී අමාත්‍යවරයා දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි ද සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ලොකු ලූනු සඳහා ආනයන බද්දක් පනවන්නේ ලොකු ලූනු අස්වනු නෙලන කාලයේදී ඉදිරියේ දී වගාව ආරම්භ කරන කාලයේදී ම මෙම බද්ද පැනවීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා කීවේය.
ආනයනකරුවන් බද්ද පැනවීමට පෙරම ලොකු ලූනු ආනයනය කර ගබඩා කර තබාගන්නා බැවින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
ලොකු ලූනු මාස තුනකට වඩා ගබඩා කර තබාගත නොහැකි බැවින් වගාව ආරම්භයේදීම ආනයනික බද්ද ඉහළ දැමීමෙන් ගොවියාට වැඩි සාධාරණයක් වනු ඇතැයි ද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මෙරට ලොකු ලූනු අස්වැන්න, ආනයනය කරන ප‍්‍රමාණය හා ආනයනය කළ යුතු ප‍්‍රමාණය ගැන දත්ත පද්ධතියක් මින් පෙර නොතිබීම හේතුවෙන් ගොවියාට ගැටලූ මතු වූ බව කී ඇමතිවරයා ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කරන බව ද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුළුෑණු ගොවීන් අස්වනු නෙලන්නේ කොළ වේලෙන්නටත් පෙර නිසා එම ළුෑණු රසත් නැහැ. දින දෙක තුනකට වඩා තබාගන්නත් අමාරුයි. අලත් ඉතාම කුඩායි. ටිකක් හෝ ගස් වේලුණාම ළුෑණු ගලවනවා නම් ලංකා ළුෑණුත් හොඳවේවි...!!!
අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම වෙනුවට මේ වගේ ගැලවිජ්ජා කරන දේශපාලකයන්ගෙන් වෙන සේවයක් නැත. කෘෂි කර්මාන්තය නංවාලීම වෙනුවෙන් ආයතන කොපමණක් මේ රටේ ඇත්ද? ඒවායින් කෙරෙන්නේ එම ආයතනවල නිලධාරීන්ගේ සුඛ විහරණය නංවාලීම පමණයි. ගොවියා දැනුවත් කිරීමට මග පෙන්වීමට කිසිවක් නොකෙරේ.
මේවා බොරු , ළූණු රටට ගෙන්නන්නේ කවුද කියල අපි දන්නවා , සතොසේ හුඟක් බඩුවල මිල නිකම්ම වැඩිවෙලා. පාඩුව අපෙන් ගන්නයි හදන්නේ ,
පොල් මිල සීඝ්‍රයෙන් පහළ යනවා. වගාකරුවන් අසරණයි. පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට සීමා පැනවිය යුතුයි. ගොවියා අනතුරේ, විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හොඳ අවස්ථාවක්... පොල්වතු වලින් මිලදී ගන්නේ ගෙඩියක් රුපියල් 20/= ට...