ඩබල් කැබ් රථ මිලේ පොඩි අඩුවක්
පෞද්ගලික මෝටර් ආනයනය සීමා ලිහිල්වී නෑ
රටේ මුදල් සංසරණයත් ඉහළයාවි
විමුක්ති එස් රුද්‍රිගු
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ආසන 25 ට වැඩි බස් රථ, රියදුරු සමග ආසන 10 ත් 16 අතර මගී ප්‍රවාහන වෑන් රථ සහ ලොරිවලට පනවා තිබූ ආනයන සීමා ලිහිල් කර ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
පෞද්ගලික මෝටර් රථ පිළිබඳ ආනයන සීමා මෙම ගැසට් පත්‍රයෙන් ලිහිල් වී නැතත් එම වාහනවලට පනවා ඇති ආනයන සීමා ඉදිරියේදී ලිහිල්වනු ඇතැයි බලාපොරොත්තු වන බව මානගේ මහතා පැවසුවේය. වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරට මුදල් සංසරණය වැඩි වනු ඇති බවත් වාහන කර්මාන්තය ආශ්‍රිත රැකියා සහ ව්‍යාපාරවලට නව පණක් ලැබෙනු ඇති බවත් මානගේ මහතා ප්‍රකාශ කළේය.
වාහන මිල පිළිබඳව නිශ්චිතව පැවැසිය නොහැකි නමුත් ඇතැම් වාහන කාණ්ඩවල මිල ඉහළ යනු ඇති බවත් ඇතැම් වාහන කාණ්ඩවල මිල පහළ යනු ඇති බවත් අනුමාන කළ හැකි යැයි මානගේ මහතා පැවැසීය. ඩබල් කැබ් රථ මිල පොඩි අඩු වීමක් සිදුවිය හැකි බවත් ආසන 15 වෑන් රථ මිල වැඩිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. තීරුබදු චක්‍රලේඛය නිකුත් වීමෙන් පසුව වාහන මිල පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව ඔහු සඳහන් කළේය.
එළැඹෙන 1 වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව සති 3 ක් ඇතුළත මෙරට ජනතාවට වාහනයක් ගෙන්වා දිය හැකි බවද ඔහු පැවසීය. පෞද්ගලික පාවිච්චියට වාහනයක් ගෙන්විය හැක්කේ වසරකට එක් වාහනයක් පමණක් බවත් ඒ සඳහා ටින් අංකයක් තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනයන සීමා ලිහිල් කිරීම වාහන කර්මාන්තයට නව පණක්