මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි.
මහජන බැංකුව, ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747කින් සහ ATM,CDM හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් පිරිනමයි. එමෙන්ම එහි People’s Wave App, People’s Wyn Appsසහ People’s Pay Digital Wallet appයන යෙදවුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මේ වනවිට මිලියන දෙකකට වැඩි සක්‍රිය පරිශීලකයන් පිරිසක් People’s Wave යෙදුම බාගත කර ඇති අතර, 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා සංඛ්‍යාවක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටු කරගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ)
නලීන් පතිරණගේ මහතා මෙසේ පැවසීය ‘මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් ඔස්සේ තෝරාගත් කොටසකට පමණක් සීමානොවී සමස්ත සමාජයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි බාධාවකින් තොරව සහ කාර්යක්ෂම සේවා සැපයීම සඳහා කැපවී සිටිනවා. අවුරුදු සමයේදී අප වාර්තා කළ ඉහළ කාර්ය සාධනය, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් අප බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ මනා නිදසුනක් වනවා.’
-595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අවුරුදු සමයේදී මහජන බැංකුවේ මිලියන 17කට අධික ගනුදෙනු