සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ අවියානා හෝටලය මේ වසරේ (2025) විවෘත කෙරෙන බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවසීය.
වසරකට ඇමරිකානු ඩොලර් කෝටි 50ක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.
මහනුවර තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ අක්කර 27ක රමණීය භූමි භාගයක මෙම හෝටල් සංකීරණය ඉදිකිරෙමින් පවතින අතර එහි ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක් පමණ දැනටමත් අවසන්වී ඇතැයිද කාරියවසම් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් දෙසීයක පමණ පිරිසක් මෙම හෝටලයේ දැනටමත් ආයෝජනය කර ඇත. තවත් පිරිසකට ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බව අවියානා හෝටල් සමූහය පවසයි.
දැනට ලෝකයේ තරු හත හෝටල් හතක් ඇතග ශ්‍රී ලංකාවේ අවියානා හෝටලය ලෝකයේ තරු හතේ අටවැනි හෝටලය වශයෙන් ඉතිහාසගත වනු ඇත.
ලෝකයේ ධනවත් සංචාරකයන් මෙරටට අද්දවා ගැනීමට මෙවැනි හෝටල් පිටුබලයක් වන බව තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවියානා හෝටලය මේ වසරේ විවෘත කෙරේ