අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, පසුගියදා කුරුණෑගල Epitomeහි දී එය පැවැත්විණි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විකුණුම් බළකායෙහි විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරුණු මෙම උත්සවය මඟින් ඉදිරි කාලවකවානුව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් වෙත යම් දිරිගැන්වීමක් ලබාදීම ද අපේක්ෂා කෙරිණි.
මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල, අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට අමතරව සංවිධානය කෙරෙන නවතම වැඩසටහනක් වන අතර, කණ්ඩායම අභිප්‍රේරණය කරමින්, ජයග්‍රහණ කරා ඔවුන් යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබේ. කලාපීය සහ සමස්ත ලංකා මට්ටමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ජයග්‍රහණ අත් කර ගන්නා, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමට සම්බන්ධ කලාපීය හා සියලුම මට්ටම් නියෝජනය කරන රක්‍ෂණ උපදේශකයන්, නියෝජිත කළමනාකරුවන් සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය මගින් ඇගයීමට ලක් විය.
අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි වර්ධනය වෙනුවෙන් ආදර්ශවත් ආකාරයෙන් කැපවීම, නායකත්ව ලක්ෂණ මෙන් ම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන, අතිදක්ෂ විකුණුම්කරුවන් මෙහි දී සම්මාන දිනාගත් අතර, මීගමුව ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්ව හිරුමාල් රණසිංහ මහතා සමස්ත ලංකා හොඳ ම රක්ෂණ උපදේශකවරයාට හිමි සම්මානයට හිමිකම් කීවේය. එහි දී සමස්ත ලංකා හොඳ ම ව්‍යාපාර සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය තිරුනෙල්වේලි ශාඛාවේ නියෝජිත කළමනාකරු උදයසීලන් ප්‍රියංගන් මහතා දිනාගත් අතර, දිවයිනේ හොඳම සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය එම ශාඛාවේ ම ව්‍යාපාර බෙදාහැරීම් කළමනාකරු වන සීනිජන් ඥානේෂ්වරන් මහතා දිනාගැනීමට සමත් විය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ හා විකුණුම් කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලියාන්ස් ලංකා වෙතින් අර්ධ වාර්ෂික සම්මාන උලෙළක්