IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අර්බුදයට පෙර තිබු තැනට එන්න තවත් වසර දෙකක් යාවි

  • මෙම වසරේ ගෙවීම් කිරීමට නියමිත ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.75ක් 
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට විවෘත ඉල්ලීම් බැංකුවලට ලැබී ඇත්තේ 500 ක පිරිසකගෙන්
  • යුරෝපා සංගමය තවම ශ්‍රී ලංකාවෙන් ජී.එස්.පී ප්ලස් සහනය ඉවත්කරගෙන නෑ
  • 2022 සියයට 7 කින් සහ 2023 සියයට 2 කින් ආර්ථික වර්ධනය සංකෝචනය වෙලා
  • ශ්‍රී ලංකාව මාස්පතා ගෙවන ණය ප්‍රමාණය පැවසීමට දත්ත මහ බැංකුවේ නොමැති බවත් කියයි 
  • මුළු වසර සඳහා ණය ගෙවීවීමේ සැලසුම රජය සතුව තිබෙන බවත් එය ප්‍රකාශයට පත්කළ යුත්තේද රජය බවත් කියයි

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට ළඟා වීමට අවම වශයෙන් තවත් වසරක හෝ දෙකක කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

සියයට 5 ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගන්නේ 2022 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 7 කින් සහ 2023 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 2 කින් සංකෝචනය වීමෙන් පසුව බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේය. ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව මුහුණදුන් පළමු අවුරුද්ද 2024 බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් 2018 වසරේ මෙරට තිබුණු ආර්ථිකයේ විශාලත්වයට ළඟා වීමට අවම වශයෙන් තවත් වසරක හෝ දෙකක කාලයක් ගතවනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

ජී.එස්.පී ප්ලස් සහනය යුරෝපා සංගමය තවම ශ්‍රී ලංකාවෙන් ඉවත්කරගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධයෙන් මීළඟ සමාලෝචනය සිදුවන්නේ එළැඹෙන 2027 වසරේ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එබැවින් ශ්‍රී ලංකාවට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවද ඔහු පැවැසුවේය.

ඒ පිළිබඳව ඇස්තමේන්තුවක් කිරීමට මේ සුදුසු කාලය නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.75 ණය ගෙවීම් කිරීමට නියමිත බවත් මහ බැංකුවේ කාර්ය භාර්යය ඒ සඳහා විදේශ විනිමය සැපයීම පමණක් බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. මුළු වසර සඳහා ණය ගෙවීම සැලසුම රජය සතුව තිබෙන බවත් එය ප්‍රකාශයට පත්කළ යුත්තේද රජය බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව මාස්පතා ගෙවන ණය ප්‍රමාණය පැවසීමට දත්ත මහ බැංකුවේ නොමැති බවද ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

ඇමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අධ්‍යනයක් කර තිබෙන බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට මෙය සුදුසු වේලාව නොවන බව ඔහු ප්‍රකාශ කළේ අපනයනකරුවන්ට අනුව පළමු මාස 6 සඳහා විදේශ ඇණවුම් සියල්ලම පාහේ ලැබී අවසන් බවත් දෙවැනි භාගය කෙසේවේදැයි නිරීක්ෂණය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකුවලට පැමිණීමට ලබාදී ඇති කාලය එළැඹෙන 31 වැනිදායින් අවසන් වන බවත් මෙතෙක් සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා විවෘත ඉල්ලීම් බැංකුවලට ලැබී ඇත්තේ 500 ක පිරිසකගෙන් පමණක් බවත් තවමත් තමන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකුවලට පැමිණීමට කාලය තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මෙම වැඩසටහනට අමතරව වැසී ගිය ව්‍යාපාරවලට නැවත පණදීම සඳහා වන වැඩසටහනක්ද රජය ක්‍රියාත්මක කළ බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට බැංකු සහයෝගය ලබා නොදෙන්නේ නම් මහ බැංකුවට පැමිණිලි කිරීම හැකියාව පවතින බවද ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. විවේචන පැවතුණත් මෙම වැඩසටහන් දෙකේ සාර්ථකත්වය තිබෙන බව තමාගේ මතය යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සිය ව්‍යාපරික මොඩියුලය උපාය මාර්ගිකව වෙනස් කිරීමට තීරණය කර ඇති නමුත් එම බැංකුව ශ්‍රී ලංකාවේ දිගටම රැඳී සිටිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව පෞද්ගලික බැංකුකරණයෙන් ඉවත්වී ආයතනික බැංකුකරණය සහ අනෙකුත් මූල්‍ය සේවා සැපයීමට අවධානය යොමුකර ඇති බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම වැළැක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මින් ආචාර්ය කීර්තිරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා මහ බැංකුව පෞද්ගලික අංශය සමග ඉතා සමීපව කටයුතු කරන බවයි. 

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම වැළැක්වීම සම්බන්ධයෙන් වන රෙගුලාසි සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද අනුකූල විය යුතු බවද ඇය පෙන්වා දුන්නාය. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම වැළැක්වීම සම්බන්ධයෙන් වන අන්‍යෝන්‍ය ඇගයීම ලබන වසරේ මාර්තු මස සිදුවනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය.



අදහස් (0)

අර්බුදයට පෙර තිබු තැනට එන්න තවත් වසර දෙකක් යාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site